IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


සාගතය මුළු ගාසාවටම පැතිරෙන ලකුණු

(විමුක්ති එස් රුද්‍රිගු)

උතුරු ගාසා තීරයේ ඇති සාගතය මේ වන විට  කෙමෙන් කෙමෙන් ගාසා තීරය පුරාවට පැතිරෙමින් තිබෙන බවත් ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂක සින්ඩි මැකේන් මහත්මිය ප්‍රකාශ කළාය.

සටන් විරාම ගිවිසුමකට එළඹීම සඳහා ඊජිප්තුවේ පැවැත්වෙන සාකච්ඡා කෙසේ හෝ සාර්ථක විය යුතු බවත් මෙම සාකච්ඡාවද අසාර්ථක වුවහොත් ගාසා තීරයේ මානුෂීය ඛේදාන්තයක් ඇති වීම කිසිවෙකුට වැළැක්විය නොහැකි බවත් ඇය පැවැසුවාය.

ගාසා තීරයේ ඇතිවී තිබෙන තත්වය ඉතාමත් බිහිසුණු බවත් ඒ පිළිබඳ ඇසීමත් බියකරු බවත් ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂකවරිය ප්‍රකාශ කළාය.

මේ වනවිට ගාසා තීරයේ ළමයින් 30 දෙනකු පමණ මන්දපෝෂණයෙන් සහ විජලනයෙන් මරණයට පත්ව ඇති බවත් මෙම වසරේ ජූලි මාසය වන විට ගාසා තීරයේ ජනතාවගෙන් හරි අඩක් ප්‍රමාණවත් ආහාර නොමැති වීම හේතුවෙන් දැඩි කුසගින්නකින් පෙළෙනු ඇති බවත් පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්ත පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.එසේම ලක්ෂ 22 ක පලස්තීන ජනතාවකට ඔවුන්ගේ ආහාර අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නොහැකි වනු ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ගාසා තීරයේ ජනතාව ආහාර නොමැතිව කුසගින්නේ පෙළෙද්දී සටන් විරාම සාකච්ඡා ඉදිරියට ගෙන යාමට පෙර ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා ගිවිසුමකට එළඹෙන්නැයි ඊශ්‍රායල රජයට බල කරමින් දස දහස් සංඛ්‍යාත ඊශ්‍රායල ජාතිකයන් පිරිසක් ටෙල් අවිව් අගනුවරදී පෙළපාලියක් පැවැත්වූහ.

යුද්ධය පූජනීය නැහැ නමුත් ජීවිතය පූජනීයයි යනුවෙන් සටන් පාඨ පවසමින් පෙළපාලියේ ගමන් කළහ.ගාසා අර්බුදය දිග් ගැස්සීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු උත්සාහ දරණ බවට ඇතැම් විරෝධතාකරුවන් චෝදනා කළහ.සටන් විරාම ගිවිසුමකට එළඹීම සඳහා සාකච්ඡා කිරීමට හමාස් නියෝජිතයන් ඊජිප්තුවට ගොස් සිටියදී ඊශ්‍රායල ජාතිකයන් මෙම පෙළපාලිය පැවැත්වූහ.

 



අදහස් (1)

සාගතය මුළු ගාසාවටම පැතිරෙන ලකුණු

A Ranil Suporter Sunday, 05 May 2024 05:09 PM

ගාසා තීරය ශ්‍රී ලංකාවක් බවට පත්වෙමින් තිබේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

’යුද්ධයෙන් පීඩා විදි සියල්ලනට එංගලන්තයේ සහාය’- කැමරන්
2024 මැයි මස 18 0 0

ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය සහ අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් අදටත් තම ආදරණීයයන්ට සිදුව


ඇල්ල- වැල්ලවාය පාර අදත් වහයි
2024 මැයි මස 18 56 0

ඇල්ල වැල්ලවාය මාර්ගයට කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේදී මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම තවදුරටත් පවතින බැවින් අද (18) රාත්‍රි 8.00 සිට හෙට උදෑසන 6.00 දක්වා මාර්


ට්‍රාන්ස්ෆෝමරයක් අසල නාඳුනන සිරුරක
2024 මැයි මස 18 700 1

ගම්පහ ,ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන ඇත.


පැවැත්වෙන මැතිවරණය ගැන උදයංග කියයි
2024 මැයි මස 18 1850 6

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරත


ආර්ථික පරිවර්තන පනත ගැසට්ටුව නිකුත් වෙයි
2024 මැයි මස 18 305 0

ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කෙරිණ.


බාර් පර්මිට් ගත්ත අයට සජිත්ගෙන් රතු එළියක්
2024 මැයි මස 18 801 1

මැතිවරණ කාල සීමාවක සිය හිතවතුන්ට මත්පැන් බලපත්‍ර ලබා දුන් පුද්ගලයන්ට එරෙහිව මේ වසර අවසන් වීමට පෙර දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 786 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2334 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2000 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site