(අංජුල මහික වීරරත්න)

ජාතික යොවුන් සේනාංකය සහ ස්විස් හෝටල් කළමනාකරණ ඇකඩමිය (Swiss Hotel Management Academy - SHMA) අතර අවබෝධතා ගිවිසුම (MOU) යාවත්කාලීන කර තිබේ. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේදී ගිවිසුම් ගත වීම සිදු කෙරිණි.

තරුණ ප්‍රජාව වෙනුවෙන් ඵලදායී මෙන්ම ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය පුහුණු අවස්ථා රැසක් විවර කර දීම ජාතික යොවුන් සේනාංකයේ ප්‍රධාන අපේක්ෂාව බව තරුණ කටයුතු අමාත්‍යංශය කියයි.

මෙම අවස්ථාව සඳහා ජාතික යොවුන් සේනාංකය නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂ බී.ඒ. ගාමිණී වික්‍රමපාල, අතිරේක අධ්‍යක්ෂ (පුහුණු හා සංවර්ධන) සමන් කුලසූරිය, අතිරේක අධ්‍යක්ෂ (පරිපාලන හා මූල්‍ය) නිශාන්ත පුෂ්පකුමාර, සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන) ඉනෝකා ගුණවර්ධන, නීති නිලධාරිනී චාන්දනී මැණිකේ, ස්විස් හෝටල් කළමනාකරණ ඇකඩමිය නියෝජනය කරමින් එහි සාමාන්‍යාධිකාරිනී ඩැනියෙලා මුණසිංහ මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.