(යොහාන් භාසුර)
සහල් ආනයනය බද්ද අඩු කිරීමෙන් පසුව ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 15,000 ක් පමණ ඇනවුම් කර ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා අද (4) පස්වරුවේ පැවසීය.
ආනයනකරුවන් රැසක් අද පස්වරුව වන විට ඉන්දියාවෙන් ‘පොන්නි’ සම්බා සහල් කන්ටේනර් දහයක් පහළවක් ආදි ප්‍රමාණ බැගින් ඇනවුම්කර ඇති බව කී නිහාල් සෙනෙවිරත්න මහතා ඉදිරියේදී තවත් ආනයනකරුවන් සහල් තොග ඇනවුම්කිරීමට කිරීමට නියමිත බව ද සඳහන් කළේය.
සහල් ආනයනයට ද ඩොලර් ප්‍රශ්නය හරස්ව ඇති බවත් ඩොලර් බාධාවකින් තොරව නිකුත් කරන්නේ නම් දේශීය සහල් මිල දින කීපයකින් රුපියල් 50 කින් පමණ පහළ දැමිය හැකි බවත් ආනයනකරුවන්ගේ ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිහාල් සෙනෙවිරත්න කියන්නෙ දේශීය හාල් රුපියල් පනහකින් මිල පහත දමන්න පුළුවන් කියලා එතකොට දේශීය ගොවීන්ට වෙන්නෙ මොකක්ද කෘෂිකර්ම ඇමතියෝ.ගොවීන් ගේ පවුල් අනාත වෙනවා නේද ඇත්තටම වෙළඳ ඇමතිවරයා චන්ද රැකගන්න හාල් මිල අඩුකරනවා ඇත්තටම වී ගොවිතැන කරන්න එපාද ගොවීන් දැන්වත් කරන්න ආයෙත් හාල් පිට රටින් ගේන තුරු දත නියවන්න වේද
සහල් සාධාරණ මිලට අලෙවි කළ හැකි නමුත් සහල් මාෆියා කාරයින් හිතු මතේ ඉහළ නංවා ඇත. මාෆියාව මෙල්ල කිරීමට සහල් ආනයනය කිරීම සුදුසු මුත් ආහාරයට ගත හැකි සහල් වර්ග ආනයනය කළ යුතුය.
මේ හදන්නෙ ලංකාවෙ වී ගොවිතැන විනාශ කරන්න' අනාවැකියක් කියන්නම් 2023 දී ලංකාවට සාගතයක් ඇතිවෙනවා නියතයි ඩිස්ලයික් නොදා සටහන් කර ගන්න
අන්තිමට ටැක්ස් අඩුකරලා.., රජයට ආදායමත් නැති වෙලා මෝල් කාරයෝයි, ආනයනකාරයෝයි එකතුවෙලා ආණ්ඩුව වැටෙනකල් සහල් මිල වැඩිකරයි...
සීනිවලට වුණු දේ තමයි දැන් හාල්වලටත් වෙන්නේ... අනේ නන්දසේන මේ කරුමේ කවදා ඉවර වෙයිද?
අබිලින් ගොයියෝ... 2023 වෙනකම් ලංකාවේ මිනිස්සු ජීවත් වුණොත් හොඳයි... මම නම් කියන්නේ මේ ආණ්ඩුවට කඩේ යන හැමෝටම හෙණ ගහන්න ඕනෑ...
සහල් රටින් ගෙන්වන කෙනා ගැන මහින්දානන්ද ඇමති තුමා දන්නේ නැතුව ඇති. දන්නවානම් සහල් ඇටයක් පිටරටින් ගේන්ඩ අනුමත කරන්නේ නැතිවෙයි අම්මපා
ගොවීන්ගේ අවාසනාවට අද මහින්දානන්ද කෘෂිකර්ම ඇමති දුරයේ නැහැ. අද ඔහු කෘෂිකර්ම ඇමති දුරය දරනවා නම්, හාල් ඇටයක්වත් මේ රටට ගෙන්න දෙන්න නැහැ. ඔහු කිව්වොත් කිව්වාමයි. ආයිත් වචන දෙකක් නැහැ.