
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අලුත් කඩේ අධිකරණ සංකීර්ණය තුළ දී සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරියට ඉන්දියාවට පලායාම සඳහා බෝට්ටු සැපයූ පුද්ගලයාගේ කිලිනොච්චිය නිවසේ සඟවා තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවි දෙකක් සහ උණ්ඩ සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
කොළඹ නුවර මාර්ගයේ තිහාරිය ඕගොඩපොළ ප්‍රදේශයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් අන්තෝනි පිල්ලේ ආනන්දන් නැමති සැකකරු පැය 72ක කාලයකට රැඳයුම් නියෝග මත සිදුකළ ප්‍රශ්න කිරීමේ දී සැකකරුගේ පෙන්වාදීම මත එම ගිනි අවි සහජීව උණ්ඩ සොයාගෙන ඇත.
මෙම සැකකරු විසින් 2019.04.19 වෙනි දින සිදු කරන ලද පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකුද මුහුදු මාර්ගයෙන් පලා යාමට අවශ්‍ය කටයුතු ද සිදුකර ඇති බවට ද තොරතුරු අනාවරණය වන බවක් ඒ සම්බන්ධයෙන්ද විමර්ශන කටයුතු සිදු කරන බවත් ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරියකු පැවසීය.
මෙම සැකකරු ඉෂාරා සෙව්වන්දි නැමති සැකකාරිය මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලායාමට දැනට විදෙස් ගතව සිටින මොහොමත් රිස්වි නොහොත් සිලෝන් බායි යන පුද්ගලයාගේ උපදෙස් මත බෝට්ටු පහසුකම් ලබා දුන් බවට වැඩිදුරටත් අනාවරණය වී ඇත.
2025 දෙසැම්බර් මස 16
73
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
874
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සෙව්වන්දිට පලා යාමට සහය වූ සැකකරුගේ නිවසින් උණ්ඩ හමුවෙයි