IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සිවුවන වරටත් ලංකාවේ අංක එක පේරාදෙණි සරසවිය

(ෂේන් සෙනෙවිරත්න)

ටයිම්ස් උසස් අධ්‍යාපන ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය නැවතත් ශ්‍රී ලංකාවේ අංක එකේ විශ්වවිද්‍යාලය බවට නම් කොට තිබේ .

ටයිම්ස් ලෝක ශ්‍රේණිගත කිරීම් මගින් උසස් අධ්‍යාපනයට ලොව සුදුසුම උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය වාර්ෂිකව සිදු කරන අතර එමගින් ලෝකයේ උසස් අධ්‍යාපන ආයතන වල විවිධ මෙහෙවරයන් හා සාර්ථකත්වයන් පිළිබඳ නිසි අවබෝධයක් ලබා දීම සිදු කරන අතර ටයිම්ස් ලෝක විශ්වවිද්‍යාල ශේණිගත කිරීම මගින් විශ්වවිද්‍යාල ක්‍රියාකාරකම් වල ප්‍රධාන අංශ තුනක් ආවරණය කරනු ලබයි .

එනම් පර්යේෂණ, බලපෑම සහ ඉගැන්වීම එම අංශ තුන වේ . එම අංශ තුන යටතේ ප්‍රවේශ වෙමින් කාර්ය සාධන දර්ශක 13 ක් භාවිතා කරමින් වර්ගීකරණය සිදු කරනු ලබයි .

ඒ අනුව ටයිම්ස් ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාවේ අංක01 විශ්වවිද්‍යාලය බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලය පත්ව ඇති අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ අංක 01 විශ්වවිද්‍යාලය බවට පත් වූයේ සිව්වැනි වරට වීමද විශේෂත්වයකි .



අදහස් (7)

සිවුවන වරටත් ලංකාවේ අංක එක පේරාදෙණි සරසවිය

prasanna Friday, 16 June 2023 12:46 PM

කොහොමද වසන්ත මුදලිගේගෙ වැඩ?

:       0       6

manjula Friday, 16 June 2023 02:25 PM

හරිම ශෝක ජනකයි... මළ සිරුරු එල්ලෙමින් තියෙන තැනක් හොඳම තැන බවට පත්වෙලා...

:       6       8

BCJFriday, 16 June 2023 07:37 PM

ගොනෙක් වුණාට තප්පුලන්න එපා...

:       0       2

Mo77 Friday, 16 June 2023 04:45 PM

ජපුරේ management පීඨය එහෙම කොහොමද? ඒක නම් ලෝකයේ පිළිගත්ත ඉහළම ජනෙල් වල පබ්ලිශ් කරන කට්ටිය. FT50 jornal වල පේපර් පිරිලා

:       0       0

CLR Friday, 16 June 2023 08:29 PM

ලංකාවේ අංක 1. ලෝක ශ්‍රේණිගත කිරීමේදී අංක 501-600 පරාසයේ....

:       1       3

sweneSaturday, 17 June 2023 08:23 AM

නැහැ. ඊටත් ගොඩක් පහත...

:       0       0

G. K. Ekanayake Friday, 16 June 2023 09:33 PM

පේරාදෙණියේ ඉඩකඩ, පරිසරය, ලස්සන අනික් විශ්ව විද්‍යාලයට වඩා හොඳයි. ඒ වුණාට උපාධි පාඨමාලා යාවත්කාලීන වීම අතින් මන්දගාමියි. මොරටු විශ්ව විද්‍යාලය පේරාදෙණියට වඩා ඉදිරියෙන් ඉන්නේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site