
(කේ. බුද්ධික කුමාරසිරි)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පසු මාස හයකට වැඩි කාලයක් කල්දැමුණු සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත් කර ගැනීම සදහා අද පැවැති ඡන්ද ව්මසීමේදී ජාතික ජන බලවේගය නියෝජනය කරන පී.කේ.ප්‍රේමරන්න මහතා අභිනව සභාපතිවරයා ලෙස තේරී පත්විය.
පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම ඡන්ද විමසීම පැවැත්වූවාය.
ඉකුත් ජුනි මස 14 වන දින සහ ජූලි මස 18 දින මෙයට පෙර සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා දෙවරක් රැස්වුවද සභාවේ ඝණ පූර්ණය නොමැතිකමින් සභාව කල්තැබීමට පළාත් පාලන කොමසාරිස්වරියට සිදු වුවාය.
සභාපතිවරයා තෝරාපත් කර ගැනීම සදහා කුමන ඡන්ද ක්‍රමයක් තෝරාගත යුතුද යන්න තීරණය කිරීමට පැවති ඡන්ද විමසීමේදී රහස් චන්දයක් පැවැත්විය යුතු බවට සභිකයන් 24 දෙනකු කැමැත්ත ප්‍රකාශ කර තිබූ අතර එහිදී මාලිමා සභිකයන් 23 දෙනා සමග සර්වජන බලය සභික චන්දන ප්‍රේමනාත් මුදුන්කොටුව මහතාද ඡන්දය ප්‍රකාශ කර තිබුණි.
ඒ අනුව විවෘත ඡන්ද ක්‍රමයක් අවශ්‍ය බවට කැමැත්ත පලකළ විපක්ෂයේ පක්ෂ නියෝජනය කරන සභිකයන් 23 දෙනා සභාවෙන් පිටතට ගමන් කරන ලදි.
එම අවස්ථාවේදී තමන් සමග එකට පැමිණි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ පිරිස පිටත්ව ගිය ද සර්වජන බලය සභිකයාද සභාවේ රැදී සිටීම හේතුවෙන් ඝණ පූර්ණය පැවතීම හේතුවෙන් සභාපතිවරයා තෝරා පත් කර ගැණීම සිදු කෙරිණි.
2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
889
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2519
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
සර්ව ජනයේ පිහිටෙන් සීතාවක බලය ජාජබ පිහිටුවයි