IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


සරසවි වල නැවතුනු වැඩට යළි පණ එයි

(අංජුල මහික වීරරත්න)

විශ්ව විද්‍යාල වල නිම කර නොමැති ඉදිකිරීම් ව්‍යාපෘතීන්හි සියලු වැඩ නිම කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

විශ්ව විද්‍යාල වලට අවශ්‍ය කරන ගොඩනැගිලි ඉදිකිරීම් සහ අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා, රුහුණ, රජරට, සබරගමුව, වයඹ, ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාලවල සහ ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයෙහි ක්‍රියාත්මක කරනු ලැබ ඇති ව්‍යාපෘති කිහිපයක් එකී ව්‍යාපෘති අනුමතව පැවති කාල සීමාවන් තුළ මුහුණ දීමට සිදු වූ විවිධ බාධක හේතුවෙන් සම්පූර්ණයෙන්ම නිම කිරීමට නොහැකිව පවතී.

නව ශිෂ්‍යයන් වැඩි ප්‍රමාණයක් බඳවා ගැනීමටත්, අධ්‍යයන පහසුකම් වැඩි දියුණු කිරීමටත්, 75%කට වඩා වැඩ අවසන් කර ඇති එම ව්‍යාපෘතිවල ඉතිරි වැඩ සම්පූර්ණයෙන්ම අවසන් කළ යුතුව ඇත. ඒ අනුව, 2026, 2027 2027 2027 සහ 2028 යන වර්ෂ වලදී වෙන් කරනු ලබන අයවැය ප්‍රතිපාදන කළමනාකරණය කර ගනිමින් එකී ඉදිකිරීම් කටයුතු ප්‍රමුඛතා පදනම මත සම්පුර්ණයෙන් නිම කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

සරසවි වල නැවතුනු වැඩට යළි පණ එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32003 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14457 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11227 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 23 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 283 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1229 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site