
(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන් නැතහොත් එයට වගකිව යුතු පුද්ගලයන් කවුද කියලා හදුනා ගැනිම සදහා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් දෙදෙකුගේ සහ ලේකනාධිවරයෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා යැයි සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ශාන්ත මහතා අද (02) දා සවස පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය
මිය ගිය සිසුවා මාර්ගගත ක්‍රමයට ඉගෙනුම ලැබු චරිත් දිල්ශාන් නැමති දරුවා ඉකුත් 29 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දිවි හානිකරගෙන තිබෙන බවට වාර්තා වුණා.
මෙම සිද්ධිය පොලිසිය වාර්තා කළ පසු ඊට සම්බන්ධ පුද්ගලයන් කවුද කියන ඊට වගකිව යුතු පුද්ගලයන් කවුද කියලා හදුනාගෙන ඒ සඳහා ගනු ලබන විනිය ක්‍රියාමාර්ග මා වෙත නිර්දේශ කරලා අවශ්‍ය වාර්තාව සපයන්න කියලා එම කමිටුවක් පත් කළේ.
මෙම කමිටුවෙි මුලික විමර්ශන වාර්තාව මා වෙත හැකි ඉක්මනින් ලබා දෙන ලෙසට මා ලිපියක් මගින් ඔවුන් දැනුවත් කර තිබෙනවා.
ඒ අනුව ඒ කමිටුව රැස්වෙලා අදාල කටයුතු කටයුතු කරන බවට මා වෙත වාර්තා වෙනවා.මෙි අතර පොලිසිය විසින් වෙනම විමර්ශනක් සිදු කරනවා. විශ්වවිද්‍යාල පනත අනුව විශේෂයෙන්ම නවක වඳය සමිබන්ද විභාග කරන්න පනතක් තිබෙනවා.ඒ පනත අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙි චක්‍රලේක අංක 946 නවක වදය පාලන කිරිමෙි පනත යටතේ ඒ සදහා ලබා දිය හැකි දඩුවම් මොනවද කියලා අප වෙත ලබා දෙයි කියලා අප විශ්වාස කරනවා.
ඒ අනුව අපි කඩිනමින් අදාළ පියවර ගැනිමට කටයුතු කරනවා යැයි ඒ මහතා වැඩිදුරටත් පැවැසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම මරණයට හේතුව නවකවදය බව ස්තිරයි! එසේ නොවන්නේ නම් වූවත් සබරගමු සරසවියේ ඔය හිංසනය තියෙන බවත් එම ළමයා එයට ගොදුරු වුණු බවටත් සාක්ෂි තියෙනවා! මෙයාට අහිංසක ළමයින්ට ආරක්ෂාව සහතික කරන්න කොන්දක් නෑ! මෙයා ඔය තනතුරේ සිටියොත් වදකයන් තවදුරටත් රජකරනවා! එම නිසා කරුණාකර ළමයින්ගේ ජීවිත එක්ක සෙල්ලම් නොකර වෙන රස්සාවක් හොයාගන්න!! නැතිනම් ආණ්ඩුව මෙවැනි නිවට උගතුන් වහාම එළවා දැමිය යුතුයි!!!
අනේ මේ කරයි... මේ වනවිට කීදෙනෙක් මේ කාලකන්ණි නවක වදය නිසා මැරුණාද? කෝ මොනවාද ඒවාට කළේ? අඩුම තරමින් මේ තිරිසන්නුන්ගේ ගම්වල ඉන්න මිනිස්සුවත් මොවුන්ට හරි හමන් විදිහට සලකනවා නම් ආයේ පාරේ බැහැලා යන්න බැරි විදිහට අන්න මේවා යම් තාක් දුරකට පාලනය වේවි. සරසවි කියන්නේ අපේ රටේ ජාතික ධනය කාදමන තවත් සුදු අලි බවට පත්වෙලා. වී වී ආචාර්ය වරුන්ගෙන් බහුතරක්ම හොරු. මොකද ඔවුන් කරන පර්යේෂණ වලින් ඇති බහුතරයක්ම බොරු. සතියකට උගන්වන්නේ පැය කීයද? වැඩි වෙලාවක් මෙයාලා කරන්නේ බිස්නස් නැත්නම් දේශපාලනය. මෙහෙම සරසවි තියෙන්නේ ලංකාවේ විතරයි.
හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ...
ඔබලා කමිටු දදා ඉන්නකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි.
ඊට කලින් සෙව්වන්දියි මිරිස්කුඩු ප්‍රසන්නවයි හොයලා ගත්තොත් නරකද ?
මේ ඉහළ පෙළේ අය හැම විටම බලා සිටින්නේ ඔවුන්ගේ අකාර්යක්ෂමතාව සහ උදාසීනත්වය නිසා මෙම වැරදිකරුවන්ට එරෙහිව පියවර ගැනීමට යමෙකු මිය යන තුරුය. මේ රටේ සියලුම විශ්ව විද්‍යාලවල ඊනියා "අන්තරේ" හිරිහැරයට ලක්ව ඇත. නමුත් රජයන් ඇතුළු අදාළ සියලුම බලධාරීන්ට ඒවාට එරෙහිව නැගී සිටීමට කොන්දක් නැත. මෙය මෙවැනි පළමු සිදුවීම නොවන අතර මෑතකදී එම විශ්ව විද්‍යාලයේම එක් ගැහැණු ළමයෙකු මෙම ඊනියා රැග් එක නිසා සියදිවි නසා ගත්තාය. මෙම නවක වදය සම්පූර්ණයෙන්ම ඉහත කී අන්තරේගේ බලපෑම යටතේ සිදුවන අතර වත්මන් රජය පවා මෙම තරුණයාගේ මෙම ඛේදජනක මරණයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව කිසිදු පියවරක් නොගනී. හේතුව මෙම අන්තරේ සහ අනෙකුත් දේශපාලන වෘත්තීය සමිති මෙම රජයේ ලේ පරම්පරාවන් වීමයි.
මේ චෝදනාවට අහු වෙලා ඉන්න උන්ව වෙන වරදක් පටවලා පන්ති තහනම් කරන්නත් සෙට් වෙනවා කියලා සෝෂල් මීඩියාවල යනවා. අපරාධකරුවෝ බේරාගන්න තමා හැමදේම දාගන්නේ.