
(අජිත්ලාල් ශාන්තඋදය)
එළඹෙන උඳුවප් පොහොය දිනයෙන් (දෙසැම්බර් 26 ) මෙවර සිරිපා වන්දනාවාරය ආරම්භ වන බව ශ්රීපාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න හිමියෝ පැවසුහ.
උන් වහන්සේ මේ බව පැවසුවේ සිරිපා වන්දනාවාරය ආරම්භ කිරීමට පෙර පවත්වන විශේෂ සාකච්ඡාවට එක්වෙමිනි.
රත්නපුර දිස්ත්රික් ලේකම් කාර්යාල ශ්රවනාගාරයේ දී එම සාකච්ඡාව 24දා සවස පැවැත්විණි.
ඒ අනුව 2023/24 සිරිපා වන්දනාවාරය දෙසැම්බර් 26 දිනට යෙදෙන උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ වී 2024 වෙසක් පුන් පොහොය දිනයෙන් අවසන් වන බව ද ශ්රීපාදස්ථානාධිපති නාහිමියෝ කීහ.
පැල්මඩුල්ල, ගල්පොත්තාවල ශ්රීපාද රජමහා විහාරස්ථානයේ පිහිට සමන් දේවාලයේ තැන්පත් කර ඇති සධාතකු කරඬු සහ සුමන සමන් දේව ප්රතිමා රත්නපුර ශ්රී පලාබද්දල, හැටන් නල්ලතන්නි, කුරුවිට එරත්න සහ බළන්ගොඩ බගවන්තලාව යන මාර්ග හතර ඔස්සේ 2023 දෙසැම්බර් මස 25දින අලුයම වැඩම කරවීමට නියමිත බව ද ශ්රීපාදස්ථානාධිපති නා හිමියෝ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd