(අජිත්ලාල් ශාන්තඋදය)
ශ‍්‍රීපාදස්ථානය වන්දනා කිරීමට යන බැතිමතුන් ගමන්ගන්නා ප‍්‍රධාන මාර්ග තුන අතරින් එකක් වූ කුරුවිට එරත්න මාර්ගය ප‍්‍රතිසංස්කරණය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
වාරිමාර්ග අමාත්‍ය සහ ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා මේ සඳහාවු කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කරනු ලැබීය. ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.
වන්දනාකරුවන් ලක්‍ෂයකට වැඩි පිරිසක් එක් වන්දනා වාරයකදී මෙම මාර්ගය ඔස්සේ ශ‍්‍රීපාද වන්දනාවට එක්වන බවත් මෙම මාර්ගයේ ස්වභාවිකව පිහිටා ඇති පඩිපෙළ දිගු කළකින් ප‍්‍රතිසංස්කරණ කර නොමැති නිසා වන්දනාකරුවන් විවිධ දුෂකරතාවන්ට මුහුණ දෙන බව කැබිනට් පත‍්‍රිකාවේ සඳහන් විය.එබැවින් කුරුවිට එරත්න ශ‍්‍රීපාද මාර්ගයේ හ`දුනාගත් ස්ථාන දුම්රිය මාර්ග අලූත්වැඩියාවේදී ඉවත් කරන සිල්පර කොටන් යොදා ගනිමින් ප‍්‍රතිසංස්කරණට අවශ්‍ය පියවර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවිය.
ශ‍්‍රීපාද වන්දනා වාරය ආරම්භ කරමින් මලූවට වැඩම කරවන සුමන් සමන් දෙව්රුව පූජාභාණ්ඩ සහිත පෙරහරක් 2019 වසරේ සිට කුරුවිට එරත්න මාර්ගය ඔස්සේ ද වැඩම කරවනු ලබයි.
මෙම මාර්ගයේ කුරුවිට සිට අඩවිකන්ද කැකුණහින්න හන්දිය දක්වා වන්දනා වාරයේ දී ලංගම ඇතුලූ පොදු ප‍්‍රවාහන සේවාවන් ක‍්‍රියාත්මක වෙයි. එතැන් සිට සිරිපා මලූව දක්වා කිලෝමීටර් 22ක් පමණ දුරක් පාගමනින් වන්දනාකරුවෝ ගමන් ගනිති. එම මාර්ගය පාරිසරික වින්දනය ලබමින් ගමන් කළ හැකි මාර්ගයක් වේ. ශ‍්‍රීපාදය වන්දනා කිරිමට සුරංගනාවියන් මල් රැගෙන ගියේ මේ මාර්ගය ඔස්සේ බව ජනප‍්‍රවාදයේ එයි.
ජම්බලගස්යට, සරුවත්, වර්ණගල, සීතගඟුල, මැදහින්න, ඉඳිකටුපාන යන අම්බලම් මේ මාර්ගයේ පිහිටා ඇති අතර ඒතැන්වල ගිමන් හැරීමේ පහසුකම් සලසා තිබේ. මෙම මාර්ගය හැරමිටිපානේදී රත්නපුර පලාබද්දල මාර්ගයට එක්වෙයි. එතැන්සිට මලූව දක්වා එකම මාර්ගයක් ලෙස මලූව දක්වා දිවෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වන්දනාකරුවන්ගේ දැඩි ඉල්ලීම නිසා වෙන්න ඇති මගෙ හිතේ...
මම නම් කතෝලික... නමුත් එක දෙයක් කියන්නම්. එතැන ලොකු පූජිත ස්ථානයක් සංවර්ධනයේ නමින් කෙළෙසන්නේ නැතුව, පරිසරයට ආපදා කරන්නේ නැතිව.., සැදැහැවතුන්ගේ යහපතට අවශ්‍ය දේ පමණක් කරන්න.
ගහ කොළ විශාල පාරවත් පස් තියෙන කඳුම තමයි සංවර්ධනේ කරන්න ආණ්ඩුවට පේන්නේ.. මේ රටට මේ රටේ විදියට තියෙන්න දෙන්න. ඔය සංවර්ධනේ කියන්නේ ලංකාව වගේ හැම රටකට අදාල දෙයක් නොවේ. ලංකාව කොහොමත් සංවර්ධිත රටක්... හොඳ පිරිසිදු වතුර, හුස්ම ගන්න හොඳ වාතය, කන්න බොන්න හොඳ එළවළු, පලතුරු නිකම්ම ලැබිලා තියෙනවා නම් මොන සංවර්ධනයක්ද..?
මම හැම අවුරුද්දෙම සිරිපාදේ කරුණා කරනවා. බොහෝවිට එරත්න මාර්ගයෙන්. ඒක තමයි ලස්සනම මාර්ගය. ඒ පාරෙ යන හැමෝම යන්නේ පරිසරය රස විඳින්නත් එක්ක. ඒ කවුරුත් පහසුකම් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ අයට ඕනේ ඔය තියෙන විදියටම පාර තියෙන්නයි. වෙනස් විදියට යන්න ඕන නම් මීට වඩා පහසුකම් තියෙන පාරවල් දෙකක්ම තියෙනවනේ. ඒ නිසා පින් සිද්දවෙයි, මේ වැඩේ නම් කරන්න එපා. මම දන්නේ නෑ කාගේ ඉල්ලීමකට මේක කරනවද කියලා. කවුරු හරි ඔය බලතල තියෙන කෙනෙක් හරි, මැති අමතිවරු ළඟ ඉන්න කෙනෙක් හරි තෙරුම් කරල දෙන්න බලන්න මේ වැඩේ කරන්න එපා කියලා.
කරන්න ඕනෑ නම් ශ්‍රී පාදස්ථානයට ලැබෙන ආධාර මුදලින් ඕක කරන්න බැරිද?
ඔයිට වඩා හොඳයි.., කේබල් කාර් දැම්මා නම්... මොකද වියදම අඩුයි. අනික ඇවිදින්න බැරි කෙනෙකුට වුනත් යන්න පුළුවන්... ඒක පිනක්...