
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කාර්ය සාධනය සම්බන්ධයෙන් ලාංකිකයන් සියයට 75.5 ක ජනතාවක් තෘප්තිමත් වන බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ජූලි මාසයේ ප්‍රකාශයට පත් කළ ජනමත සමීක්ෂණ වාර්තාවේ සඳහන් වෙයි.
එම ජනමත විචාරණයට අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්ය සාධනය පිළිබඳව සෑහීමකට පත්වන්නේ සමීක්ෂණයට එක්වූවන්ගෙන් සියයට 29.4 ක් පමණි. ජාතික ජනබලවේග ආණ්ඩුවේ පාලනය පිළිබඳව සියයට 62.8 ක පිරිසක් තෘප්තිමත් වන අතර සියයට 23.1 ක පිරිසක් අතෘප්තිය පළ කරති.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජනවර්ග හතර වන සිංහල, දෙමළ, මලයාහ දෙමළ සහ මුස්ලිම් පුද්ගලයින් 1240 දෙනකුගෙන් යුත් නියැදියක් තෝරාගෙන ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කිරීමෙන් මෙම සමීක්ෂණය කර තිබේ.
සමීක්ෂණයට සහභාගී වූ ලාංකිකයන්ගෙන් සියයට 51.4% ක් තම ගෘහස්ථ ආර්ථික තත්ත්වය වසරකට පෙර කාලය හා සසඳන විට නරක අතට හැරී ඇතැයි ප්‍රකාශ කර ඇත.
සියයට 30.3 ක ජන පිරිසක් ප්‍රකාශ කර තිබෙන්නේ වසරකට පෙර කාලය සමඟ සසදන විට තම ආර්ථිකය එලෙසම පවතින බවයි.ගෘහස්ථ ආර්ථිකය වැඩිදියුණු වී ඇති බව සියයට 18.2 ක් ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලාංකිකයන්ගෙන් බහුතරයක් (64.1%) විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහාය දක්වන අතර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ක්‍රියාවලිය වහාම ආරම්භ කළ යුතු යැයි විශ්වාස කරන්නේ සියයට 23.6 ක් පමණි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සියයට 23 ක ජන කොටසක් විරුද්ධ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd