IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


සමිද්ධි සමරකෝන්ට තනතුරක්

(අංජුල මහික වීරරත්න)

විශේෂඥ වෛද්‍ය සමිද්ධි සමරකෝන් මහත්මිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ‌යේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) II තනතුරේ වැඩ බාර ගැනීම අද (03)  සිදු විය.

වැඩ බාර ගැනීමේ අවස්ථාවට එක් වූ  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විශේෂඥ වෛද්‍ය සමිද්ධි සමරකොන් මහත්මිය වෙත සිය සුබ පැතුම් එක් කරමින්  කියා සිටියේ මෙම අංශය යටතේ සිදුවන ප්‍රධාන කටයුත්තක් වන වෛද්‍ය නිලධාරින්ගේ ආයතනික රාජකාරී පිළිබඳ අවශ්‍ය නිසි කටයුතු ඉටු කිරීමට අවශ්‍ය දැනුම, කුසලතාව, ආකල්ප මෙන්ම කුසලතාවය ද විශේෂඥ වෛද්‍ය සමිද්ධි සමරකොන් මහත්මිය සතුව ඇති බවයි.

වෛද්‍ය නිලධාරීන් සම්බන්ධ ආයතනික රාජකාරී කටයුතු විධිමත් කිරීමට කටයුතු කිරීම තුළ ශ්‍රී ලාංකීය ජනතාව වෙත වෛද්‍යවරුන් විසින් ලබාදෙන සේවා උපරිමයෙන් ලබාදීමට දිරිගන්වන ආයතනික පරිසරයක් නිර්මාණය කිරීමට නව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියට හැකි වනු ඇති බවද සෞඛ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබීය.

සමිද්ධි සමරකොන් මහත්මිය කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, මාතර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආයතන, පුහුණු හා පර්යේෂණ වැනි තනතුරු ගණනාවක් හොඹවා ඇත.



අදහස් (0)

සමිද්ධි සමරකෝන්ට තනතුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site