IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘‘සිමෙන්ති - කම්බි මිල අඩු කිරීම මුලාවක්?‘‘

 

(යොහාන් භාසුර)

ඉදිරිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ මිල බලධාරීන් ප්‍රකාශ කරන ප්‍රතිශතවලින් අඩුවී නැති බවත් එම ක්ෂේත්‍රය නැවත පණ ගැන්වීමට නම් මවාපෑම් නොකර දැනෙන්න මිල අඩු කළ යුතු බවත් ජාතික ඉදිකිරීම් සේවක සංගමයේ ලේකම් සුපුන් අබේසේකර මහතා පැවසීය.

සිමෙන්ති කොට්ටයක රුපියල් 500 කින් සහ 300 කින් අවස්ථා දෙකකදී අඩු කරන්නේ යැයි බලධාරීන් ප්‍රකාශ කළ ද සිමෙන්ති කොට්ටයක් රුපියල් 150 කින් පමණක් අඩු වූ බවත් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2000 කින් අඩු කළ යුතු බවත් සුපුන් අබේසේකර මහතා කීය.

යකඩ මිල සියයට 50 කින් අඩු කරන බව නිලධාරීන් සහ බලධාරීන් ප්‍රකාශ කිරීමෙන් ඔවුන්ගේ ගණන් දැනුම පිළිබඳව සැකයක් මතුවන බව කී ඒ මහතා රුපියල් 140,000 කට පැවැති කම්බි ටොන් එකක් රුපියල් 580,000 ක් දක්වා ඉහළ දමා රුපියල් 380,000 අඩු කිරීමට සියයට 50 ක අඩු කිරීමක් නොවන බව ද සඳහන් කළේය.

කමිබි මිල අඩු කිරීම සියයට 34.4 ක් මෙන්ම වර්තමාන කම්බි මිල පැවැති මිලත් සමඟ සැසදීමේදී සියයට 271 ක වැඩි වීමක් ඇති බව ද සුපුන් අබේසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (1)

‘‘සිමෙන්ති - කම්බි මිල අඩු කිරීම මුලාවක්?‘‘

Bamunuarachchi Friday, 14 July 2023 04:21 PM

මේ මොන ගොන් කතාවක්ද? සිමෙන්ති, යකඩ මිල අඩු වැඩි වීම තිබෙන්නේ විනීමය අනුපාතය වෙනස් වීම මතයි. රුපියල ශක්තිමත් වුනේ බොහොම සුළු වශයෙන්. ඉතින් කොහොමද ඇඟට දැනෙන විදිහට මිල පහළ දමන්නේ...?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site