
(ශාන්ත රත්නායක)
සමාජවාදී තරුණ සංගමය අද 24 කොළඹ දී සංවිධානය කර තිබු විරෝධතාවක් අතරතුර කලහකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් 84 දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ
කොළඹ පුරහල අසළින් ගමන් ආරම්භ කළ පා ගමන කොළඹ කොටුව දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබුණු අතර කෙසේ වෙතත් විරෝධතාකරුවන් ඩීන්ස් පාර ඔස්සේ මරදාන දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමේදී පොලිසිය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී කඳුළු ගෑස් සහ අධි අධි පීඩන ජල ප්‍රහාර එල්ල කරමින් පාගමන විසුරුවා හැරීමට පියවර ගත්තේය
මේ අතර සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ද අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව සදහන් වේ
අරගලයේ නව ජවයක් තරුණ බලය යළි කොළඹට යන තේමාව යටතේ මෙම පා ගමන සංවිධානය කර තිබිණි





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගල මර්දනය ලෝකේ කොහෙවත් සදහටම සාර්ථකව කරලා නැහැ. බෝලයක් බලෙන් වතුරේ යට සඳහටම හන්ගන්නත් බැරි බව මේ මෝඩ ආණ්ඩුව දන්නේ නැහැ.
එනපොට හොඳ නැහැ පොරවෙන් කපන්න තියාගන්නේ නැතුව නියපොත්තෙන් බෙල්ල කඩලා හරි නවත්තන්න. 1989 රට කෑවේ මේ කාලන්නින්ගේ පරම්පරාවේ එවුන් තමයි. චන්දයක් තියන කාලෙට ආණ්ඩුව වෙනස් කර ගනින්. 1970 ගණන්වල තිබුන නියම සමාජවාදී ආණ්ඩුව කෑවේ මේ පාහරයින්. දැන් සමාජවාදී වෙලා. මුන් දන්නවාද සමාජවාදී කියන්නේ මොකක්ද කියලා.
ජවිපය එක මේ පාරත් පිස්සුවක් නටන්න වගේ සූදානම 1971 රටේ ප්‍රශ්න තිබිලාද පිස්සු නැටුවේ... බැංකු කැඩුවා, බස් ගිනි තිබ්බා, ට්‍රාන්ස් ෆෝමර් ගිනි තිබ්බා. පාසල් ගිනි තිබ්බා, පොලිසි කැඩුවා, සිගරට් බයිසිකල් හොරකම් කළා.. මොනවද නොකළේ..? මේ රට විනාශ කළේ ජවිපය එක ආරම්භ කළේ 1971 රජය දරදඬු නීති දාලා මේවා මර්දනය කළයුතුයි...
මේ ජේ.වී.පී. කාරයින්ට දණහිසෙන් පහළට වෙඩිතියන්න ඕනි උන්ගෙම දර්ශනය එය නිසා. මුන්ගේ සමාජවාදය නියමු රටවල් කරන්නෙත් යුද්ධයමයි. මිනිස්සුන්ගේ ලේවල පිහිනීම මේ අයගේ දර්ශනයයි. මේ අයට විරුද්දව රටේ මිනිස්සු පෙළ ගැසෙන්නම ඕනි. මහින්ද , චන්ද්‍රිකා රට කරනකොට මෙයාලා කුක්කො වගේ මහ ඇමතිකම් කළේ. කෝ මොකද කලේ. මේ අරගල කරන්නේ මිනිස්සුන්ගේ යහපතටද? නැහැ. මෙයාලගේ වාසියට.
තරුණ ජවය කියලා රට තුළ රස්තියාදු කාරයන්ට නීති කඩන්න දෙන්න බැහැ. මේක රට අරාජික කිරීමට ගෙන යන ව්‍යාපාරයක්.
ජවිපේ සහ පෙරටුගාමීන් අතර තියෙන සීතල යුද්දය විශ්වවිද්‍යාල සිසුන් පිටින් ඇරලා ඔවුන්ව බිලිබෝයිලා කරනවා. අන්තරේ බලය අල්ලගෙන ඉන්නේ පෙරටුගාමීන්. සමාජවාදී තරුණ සංගමය අයිති ජවිපෙට. පෙරටුගාමී එකේ කුමාර් ගුණරත්නම් ඔස්ට්‍රේලියාවේ ඉඳන් ඇවිත් අරගලය අතට අරන් අන්තරේට තැනක් හදලා දෙන්න හදනවා. ජවිපේ ඒකට විරුද්දව සමාජවාදී තරුණ සංගමය යොදවලා තමුන්ගේ තැන රැක ගන්න හදනවා. මේ දෙගොල්ලන්ගේ තරඟය නිසා අහිංසක විශ්ව විද්‍යාල සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා. රටේ අනෙකුත් වැඩ කටයුතුත් කඩාකප්පල් වෙනවා.
ජනතා කැමැත්ත නැති, සුබවාදි පාලනයක් නොවෙද්දී, රට සහ අපි දිනෙන් දින පහළට වැටෙද්දී මේ අය පන්නලා නව දේශපාලන බලයක් රටට ගෙන්වාගත යුතුමයි.
උඩ අදහස් ලියන අයට නම් දැන් සැප ඇතිනේ...? වහල්ලු, රටට මෙච්චර වෙලත් තවත් කඩේ යනවා.
මේ උද්ඝෝෂණය කරේ ආණ්ඩආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මිනිස්සුන්ට තියෙන අයිතිය අනුව . කිසිම තැනක් ව්‍යවස්ථා උල්ලංඝනය වීමක්වත් නීති විරෝධී දෙයක්වත් උනේ නෑ . ව්‍යවස්ථා උල්ලංඝනය කරේ ආණ්ඩුව . ඕක රාජ්‍ය ත්‍රස්තවාදී ක්‍රියාවක්
ගෝඨාභය ජනපති වගේ නෙවෙයි, වගේ වගක් නැතුව හීන් සීරුවේ වැඩ කරන්නේ දැන් ජනපති. එදා වගේ ජේ.වී.පී.ය හුරතල් කරන්නෑ. කොහොමත් 25 වෙනතුරු කරන් යනවා. ඔය ජේ.වී.පී., පෙරටුගාමීන් දැඟලුවාට රටක් පාලනය කරන්න රස්තියාදුවන්ට පුළුවන්ද? ළඟදීම ලක්ෂ ගාණක් කොළඹට ගේනවලු අරගලයට. පසුගිය මැතිවරණයෙන් ලද ඡන්ද ගානටද ලක්ෂ ගානක් කියන්නේ...? 1971 මේ රට නැත්තටම විනාශ කළ ජවිපයට ඒ කවමදාකවත් රටේ බලය නම් ලැබෙන්නෑ.. ඒක ශුවර්.... ඒ කෲර ක්‍රියාවන් මතක, ඇසින් දුටු, එදා ඒ ත්‍රස්ත ක්‍රියාවලින් බැටකෑ, අත් විඳි සහ හරියට ඒ ඉතිහාසය හැදෑරූ පිරිසක් ඉන්නතුරා...!