IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


’’සෞභාග්‍යයෙ දැක්ම කුප්පි ලාම්පු එළියෙන් බලන්න වෙලා’’

(නිමල කොඩිතුවක්කු)

සෞභාග්‍යයෙ දැක්ම  කුප්පි  ලාම්පු එළියෙන් බැලිය යුතු තරමට ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රට අදුරෙන් අදුරට ඇද දමා ඇතැයි සමගි ජනබලවේගයේ සම මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා කොළඹදී පැවසීය.

කුප්පි  ලාම්පු දැල්වීමටවත් භූමිතෙල් ටිකක් සොයා ගැනීමට නොහැකි බැවින් කණාමැදිරි එළියෙන් සෞභාග්‍යයේ දැක්ම බැලීමට ජනතාවට ඉදිරියේදී සුදුවනු ඇතැයිද   මන්ත්‍රීවරයා  සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

“මේ වනවිට මිනිස්සුන්ට ප්‍රශ්න වැඩි වෙලා නාහෙටත් උඩින් වතුර දාන මට්ටමට ඇවිත් තිබෙනවා. බඩු මිල ඉහළ ගියා. ගෑස් පෝලිම්, තෙල් පෝලිම්, හාල් පෝලිම්,  සිමෙන්ති පෝලිම් බෙහෙත් පෝලිම් මදිවට  තුන්වේලක් ආපු අය දෙවේලක් කන්න වෙලා. ඒ මදිවට අද  ජනතාවට දවසට පැය හතරකට පහකට අධික ප්‍රමාණයක් අඳුරේ ඉන්නත් සිදුවෙලා.

තමන්ගේ ජනතාවට සහන දීලා ජනතාවගේ පැත්තෙ ඉදන් කතා කරන අමාත්‍යාංශයක් හොඳින් වැඩ කරන එක ඇමතිවරයෙක් නැහැ. කෘෂිකර්ම ඇමතිවරයා කතා කරන්නේ ගොවි ජනතාව විරුද්ධවයි. වෙළඳ කටයුතු ඇමතිවරයා කතා කරන්නේ පාරිභෝගිකයාට විරුද්ධවයි. තෙල් ඇමතිවරයා කතා කරොත් කතා කරන්නේ කබලෙන් ලිපට වැටිලා ඉන්න ජනතාවට තෙල් මිල වැඩි කරන විදියටයි. මුදල් ඇමැතිවරයා ඇවිත් කතා කරන්නේ එක මොළයක් වෙනුවට මොල හතක් දාලා හත්පොලේ ගාගෙන. ඒ වගේම තමයි දැන් මේ ආණ්ඩුවේ ඇමතිවරු කතා කරන්නේ.

මේ රටේ වර්තමානයේ මතුවෙලා තියෙන තත්ත්වයට එතුමා හෝ එතුමාගේ කැබිනට් මණ්ඩලය වගකියන්න ඕන නැහැ කියලා ඊට උඩින් ජනාධිපතිවරයා ඇවිත් කතා කරනවා. අද මේ රටේ ඉන්න පොඩි ලමයා පවා සෞභාග්‍යයෙ එළිය බලන්න වෙලා තියෙන්නේ කුප්පි  ලාම්පු එළියෙන්. ලාම්පුතෙල් ටිකක් හොයා ගන්න බැරි නිසා  ඒකෙනුත් බලන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා අද කණාමැදිරි එළියෙන් තමයි සෞභාග්‍යය දැක්ම බලන්න සිදුවෙලා තියෙන්නේ.



අදහස් (7)

’’සෞභාග්‍යයෙ දැක්ම කුප්පි ලාම්පු එළියෙන් බලන්න වෙලා’’

Bamunuarachchi Tuesday, 01 March 2022 02:58 PM

ඔහෙලා හිටියා නම් කණාමැදිරි එළියෙන්වත් බලන්න ලැබෙන්නේ නැහැ.

:       7       9

nimal Tuesday, 01 March 2022 05:28 PM

’’සෞභාග්‍යයේ දැක්ම කුප්පි ලාම්පු එළියෙන් බලන්න වෙලා’’ රටේ ජනතාව පීඩා විඳිමින් සිටියදී, සමගි ජනබලවේගයේ විසඳුම් නොමැතිව නැවත නැවත පීඩාව ගැන කියමින් ජනතාව රවටන සමගි ජනබලවේගයේ දේශපාලනය...!

:       77       8

fairoosTuesday, 01 March 2022 06:58 PM

නිමල් දැන් සැපද? දැන්වත් ඔය වහල්කමින් මිදෙන්න.

:       9       8

nimalTuesday, 01 March 2022 08:13 PM

රටේ ජනතාව නැවත පාර්ලිමේන්තු යවන්න සූදානමක් නැතිලු. ඔවුන්ගේ බලාපොරොත්තුව අලුත් මුහුණු පාර්ලිමේන්තුවේ දැකීමලු...

:       1       2

Raveendra Tuesday, 01 March 2022 06:48 PM

දියවන්නාව පට්ටියේ තිබෙනවා එක එක සංසද, සංගම්... මේ එහි තිබෙන වාචාලයින්ගේ සංසදයේ සම සභාපතියා. කුමක්කර හෝ පාලනය ගමු.. යන යටි අරමුණු සමග ඉතාමත් සතුටින් මේවා කියන්නේ...!

:       6       7

ගමේ එකාලා Tuesday, 01 March 2022 08:27 PM

මොන සතුටු වීමක්ද? රටට වෙලා තියෙන නස්පැත්තිය ඇස්, කන් තියෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා... වහල්ලුන්ට නම් හොඳ ඇති...

:       6       6

Perera Tuesday, 01 March 2022 11:50 PM

කුප්පි ලාම්පු දල්වන්න වත් භූමිතෙල් නැහැනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 50 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 212 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 549 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site