(සුජිත් හේවාජුලිගේ)
එල්.කේ ජගත්  ප්‍රියංකර මහතාරාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අභාවප්‍රාප්ත වීමෙන් පුරප්පාඩුවූ  එම මන්ත්‍රී ධූරයට  පත් කිරීමට නියමිතව  ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ගවලින් පැවසේ.

පසුගිය මහ මැතිවරණයේදී  සනත් නිශාන්ත මහතාගෙන් පස පුත්තලම දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ඡන්ද ලබා ගත්තේ  ජගත් ප්‍රියංකර මහතාය. ඔහු ලබා ගත් මනාප ඡන්ද සංඛ්‍යාව වූයේ 40527කි.

ප්‍රියංකර මහතා එම මැතිවරණයට තරග වැදුණේ විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමිනි.