(ඉන්දිකා රාමනායක)
අංගොඩ දෙල්ගහවත්ත සුපිරි නිවසක ප්‍රභූන් ඇතුලු ව්‍යාපාරිකයන් සහභාගි කරවාගෙන කාන්තාවක් විසින් පවත්වාගෙන ගිය මහපරිමාණ සූදු පොළක් වටලා රුපියල් ලක්ෂයක ඔට්ටු මුදලක් සමග සැකකරුවන් 15 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි
.දෙල්ගහවත්තේ දෙමහල් නිවසක මෙම කාන්තාව ප්‍රභූ ආශිර්වාද මැද වසර කිහිපයක් පුරා මහපරිමාණව මෙම සුදුපොළ පවත්වාගෙන ගොස් ඇති , සුදුපොළ සදහා පැමිණෙන ව්‍යාපාරිකයන් ඇතුලු පුද්ගලයන් මෝටර් රථ මාර්ගය දෙපස නවතා තැබීම හේතුවෙන් ජනතාවද අපහසුතාවට ලක්ව ඇති බව පොලිසිය පවසයි.
මුල්ලේරියාව පොලිසියේ සිව් දෙනකු උපාය දුතයන් වශයෙන් මෙම ස්ථානයට යොමු කර , ඔවුන්ගෙන් ලද තොරතුරකට අනුව 20 දෙනකුගේ සමන්විත පොලිස් කණ්ඩායම එකවර නිවස වටලා සැකකරුවන් සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.එම ස්ථානයේ තිබී වාහන 16 ක් පමණ ද පොලිස් බාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර කීපයක් තිබුණු සූදු පොළ දැන්ද වැටළුවේ...?