(යොහාන් භාසුර)
ලංකා සතොසෙන් රුපියල් 998 කට අත්‍යවශ්‍ය භාණ්ඩ පහක් ඇතුළත් නව සහන මල්ලක් හදුන්වා දුන්නේය.
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ නාඩු සහල් කිලෝ 5 ක්, නූඩ්ල්ස් ග්‍රෑම් 400 ක්, හාල් මැස්සන් කරවල ග්‍රෑම් 100 ක්, තේ කොළ ග්‍රෑම් 100 ක් සහ කහ ග්‍රෑම් 100 ක් මෙම සහන මල්ලට ඇතුළත් බවත් වෙනත් සුපිරි වෙළෙඳසල් තුනකින් මෙම සහන මල්ල ලබාගැනීමට වඩා පාරිභෝගිකයාට පිළිවෙළින් රුපියල් 1072, 1084 සහ 531 ක වාසියක් ඇති බවත්ය.
සතොස අළෙවිසලක් නොමැති ප්‍රදේශවල ජනතාවට 1998 යන ක්ෂණික දුකථනයට අමතා පැය 48 ක් ඇතුළත නිවසටම මෙම සහන මල්ල ගෙන්වාගත හැකි බව කී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එහිදී සැපයුම් ගාස්තුවක් ලෙස රුපියල් 200 ක් අය කරන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය බඩුමලු දෙනවට වඩා බඩුමිල හැම කඩයකම අඩුකළා නම් හොඳයි...
මෙයත් රුපියල් 75ට දුන් පොල්ගෙඩිය වගේද? අද රටේ විහිළු කාරයෝ ගොඩයි...
සතොසට ගිහින්ම බලන්න ඕනේ සීනි, පරිප්පු, මොනවත් නෑ... බොරුවට සහන මලු ගැන කතා කරනවා.
සහන මල්ල ගන්නත් සල්ලි තියෙන්න එපැයි...
හම්බන්තොට දිස්ත්‍රික්කයේදී මෑතක සිදුවූ අකරතැබ්බය අමතක වෙන්න සතියක් ගියේ නැහැ නොවැ. මෙන්න මුන්දැ ආයෙත් එකක් ගොතාගෙන ඇවිල්ලා මෙයට පෙර කියපු අවස්ථාවක මමත් බඩුමල්ල ගන්න අලුත්ම සතොසකට ගියා. එතැන වැඩක් නැතුව පෝලිමට සිටි අහිංසකයින් කිව්වා අනේ සර් හෙට එන්න කියලා..
දැන් බයියො කියයි සර් තමයි හොඳටම කරන්නේ කියලා...
බන්දුලගේ මල්ල තමයි...
කරවල ග්‍රෑම් 100කට වැඩි නැද්ද? රුපියල් 2500 කින් මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියපු ආර්ථික ඔස්තාර්නේ.. ?
ඇත්තටම ඔලුව නරක් වේගෙන එනවද? නැතිනම් හක්ක පැටලිලා, බොක්ක දොට්ට පැනලා කුජීත වෙලාද?