IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


සතුටින්ම සිටින රට ෆින්ලන්තය

පිටපිට පස්වෙනි වතාවටත්, ලෝකයේ වඩාත් සතුටින්ම ජීවත් වන ජනගහනයක් වෙසෙන රට ලෙස ෆින්ලන්තය කිරුළු දරා සිටී.

ෆින්ලන්තය මෙසේ කිරුළු දැරුවේ, 2022 වර සඳහා ලෝකයේ සතුටින්ම ජීවත් වන සහ ජීවත් වීමට සුදුසුම රටවල් තේරීමේ දර්ශකයේ මුල් තැනට පත් වෙමිනි.

2022 ලෝකයේ සතුටින්ම සිටින රටවල් දර්ශකයේ පළමු වැනි ස්ථානය ෆින්ලන්තය දිනා ගනිද්දී, දෙවැනි ස්ථානය ඩෙන්මාර්කයටත් තෙවැනි ස්ථානය අයිස්ලන්තයටත් සිවුවැනි, පස්වෙනි සහ සය වැනි ස්ථාන පිළිවෙලින් ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය සහ ලක්සම්බර්ග් වෙත හිමිවී තිබේ.

මෙම දර්ශකය සඳහා රටවල් 150 ක පමණ ජනමත සමීක්ෂණ අනුව පුද්ගලයන්ගෙන් දත්ත ලබා ගෙන ඇති අතර, එක්සත් ජාතීන් විසින් ප්‍රකාශයට පත් කරන දර්ශකය මෙම වසරේ 10 සංවත්සරය සැමරීය.

මෙම දර්ශකයේ ලෝකයෙම අවධානය යොමු වී ඇති යුක්රේනයට හිමිවී ඇත්තේ 98 වැනි ස්ථානයයි. 2022 වසරේ ලෝකයේ සතුටින්ම සිටින රටවල් දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමිවී ඇත්තේ 127 වැනි ස්ථානයයි.

දළ දේශීය නිෂ්පාදනය,වැසියන්ගේ ආයු අපේක්ෂා කාලය, ජීවිතයේ තීරණ ගැනීමට ඇති නිදහස, ත්‍යාගශීලී බව,රාජ්‍ය අංශයේ දූෂිත මට්ටම සහ සමාජ සහයෝගිත්වය යන කරුණු පදනම් කර ගනිමින් දර්ශකය සඳහා රටවල් වලට ලකුණු ලබා දීම සිදු කරයි.

අවසන් ස්ථානය ඇෆ්ගනිස්ථානයට හිමිව තිබෙන අතර ඉන්දියාව 136 වෙනි ස්ථානයේ පසුවෙයි. ඇමෙරිකාව 19 වැනි ස්ථානයටත් බ්‍රිතාන්‍යය 17 වැනි ස්ථානයටත් පත් ව ඇත.

(රොයිටර්)



අදහස් (6)

සතුටින්ම සිටින රට ෆින්ලන්තය

Andrew Tuesday, 22 March 2022 12:45 PM

මොකක්? එතකොට අපි...

:       0       0

ලුම්බිණි Tuesday, 22 March 2022 01:05 PM

අඩු වශයෙන් අපි ඉන්දියාවට වඩා සතුටින් ඉන්නවා කියලවත් හිත හදා ගමු.

:       0       0

කිරි පුතා Tuesday, 22 March 2022 01:47 PM

ලෝකයා හිතන්නේ සතුට කියන්නේ කාලා බීලා ඉන්න එක ගැන විතරයි. ඔවුන් ඊට වඩා යමක් දන්නෙත් නෑ. දැනගන්නෙත් නෑ.

:       0       0

Rexi Tuesday, 22 March 2022 02:00 PM

මේවා වැරැදි දර්ශක කියලා අපේ ඇමැතිලා කියයි නේද? මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ බව මහ බැංකුව සහ ආණ්ඩුවේ වන්දි භට්ටයෝ කියලා පොඩි සුවයක් ලබාගැනීමට උත්සාහ කරයි.

:       0       0

Ruhunu Tuesday, 22 March 2022 02:17 PM

ඒ වුණාට සැප තියෙන්නේ ලංකාවෙනේ...

:       0       0

wije Tuesday, 22 March 2022 04:00 PM

පින් වන්තයෝ සිටින රට, පින් ලන්තය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 153 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 92 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1686 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site