
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ පත්මා කුමාරි කංකානම්ගේ)
කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත් කඩේ අංක පහ අධිකරණ ශාලාව තුළදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායක සංජීව කුමාර සමර රත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකාර කාන්තාව හඳුනාගැනීම සඳහා පොලිසිය මහජන සහය පතන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියේ නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.
අංක 243/01 මීගමුව පාර ජයමාවත , කටු වැල්ලේ ගමපදිංචි පිං පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නැමැති 25 හැවිරිදි එම කාන්තාවගේ ජාතික හැඳුනුම්පත් අංකය 995892480v බව පොලිසිය කියයි.
සැකකාරිය පිළිබඳ සාර්ථක තොරතුරක් ලබා දෙන අයකුට පොලිස් ත්‍යාග මුදලින් තෑග්ගයක් පිරිනැමීමට වැඩ බලන පොලිස්පති. ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත. එමෙන්ම තොරතුරු ලබාදෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමටද ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ඇතැයි ඇතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
එම තොරතුරු කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ගේ 0718591727 හෝ කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති 0718591735 යන දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් දන්වා සිටී
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංජීවට වෙඩිතැබීමේ සිද්ධියේ කාන්තාව සොයාදෙන්නාට මුදලින් තෑගි
Kamal Koyrala Thursday, 20 February 2025 01:43 PM
සියලු සිදුවීම් අවසානයේ සැකකරුවන් සම්බන්ධව පොලිසිය ඔවුන්ගේ සියලු තොරතුරු ජනතාවටත් කලින් දැනගෙන cctv දැක්ක ගමන් නම ගම වාසගම ලිපිනය පෙර වැරදි සියල්ලම දන්නවා .ජනතාවගෙන් අහන්නේ මොකටද
රංජිත් Thursday, 20 February 2025 02:01 PM
දෙන ගානත් කිව්වා නම් තමයි හොඳ.. නැත්තං ඔත්තුව දීලා ඇල්ලුවට පස්සේ රුපියල් 100ක් දීලා ගෙදර පලයං කිව්වොත් අතින් කාලා එන්න වෙන්නේ...
නිහාල් Friday, 21 February 2025 05:10 AM
ඔත්තුව දුන් එකා කුදලගෙන යයි ද දන්නේ නෑ සමිප සබදතා නැත්නම් ඔත්තු දෙන්නේ කොහොමද කියලා.
Eranga Friday, 21 February 2025 08:37 AM
බැංකු වුණත් අරන් යන්ඩ ඕනේ කවුරු ගාවටද කියලා හිතාගන්ඩ බෑ