
(නිමල කොඩිතුවක්කු)
විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
කොළඹ නගර සභාවේ මන්ත්‍රී දුර 48ක් රජයට හිමිව තිබියදී විපක්ෂයට මන්ත්‍රීධුර 60කට අධිකක ප්‍රමාණයක් හිමිව ඇති බවත් විපක්ෂය සියලු දෙනාා ඒකාබද්ධ කරගනිමින් සමගි ජන බලවේගයේ නගරාධිපතිවරයෙක් සමග කොළඹ නගර සභාව පිහිටුවන බවත් මහලේකම්වරයා සඳහන් කළේය.
කෙළඹ නගර සභාව මෙන්ම විපක්ෂයට වැඩි බලය හිමි පළාත් පාලන ආයතන පිහිටුවා නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන් පත්කිරීමට කටයුතු කරන බවද කොළඹ ඊයේ(7) පැවති මාධ්‍ය හමුවකදී ඔහු කීවේය.
රජය බලයට පත්ව මාස පහක් ගිය තැන ජනතාව ප්‍රතික්ෂේප කර ඇති බව මෙම මැතිවරණ ප්‍රතිඵල තුළින් පෙන්නුම් කරන බවත් මද්දුමබණ්ඩාර මහතා එහිදී පැවසීය.
62% ක ප්‍රතිශතයකින් මහමැතිවරණය ජයගත් මාලිමා රජයේ බලය පළාත් පාලන මැතිවරණය වන විට 43% දක්වා අඩු වී ඇති බවත් මාස පහක් තුළ ජනතාව ආණ්ඩුව ප්‍රතික්ෂේප කර ඇති තරම ඉන් පැහැදිලි වන බවත් ඔහු සඳහන් කළේය.
සමගි ජන බලවේගය මහ මැතිවරණයේදී ගත් 17% ක ඡන්ද ප්‍රතිශතය සියයට 22දක්වා වැඩිවී ඇති බවත් ආණ්ඩුව හැරුණු විට විපක්ෂයේ සියලු පක්ෂ තම ඡන්ද ප්‍රතිශතය ඉහල නංවා ගැනීමට සමත්ව ඇතැයිද මහලේකම්වරයා පැවසීය.
ආණ්ඩුව බලයට පත්වී මාස පහක් තුළ ජනතා බලය සේදී ගොස් ඇති බවත් හැකිනම් පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි අභියෝග කරන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ සිස්ටම් නැවතත් කරළියට... ගනුදෙනු සාකච්ඡා මට්ටමේ. වැඩිම ගාන කාටද?
එජාපෙ එක්ක එකතුවෙලා කලා වගේ...
තමුන්ලට ඕන බලය, බලය ලැබුණාම වැඩ බල්ලට, ඉතින් මාටිය ගහනවා හැරෙන හැරෙන පැත්තෙන්...
හරි හරි, බලය ගන්න, හැබැයි මාලිමාවේ ගානටම වැඩත් කරලා පෙන්නන්න.
ලැජ්ජයි. ප්‍රජාතන්ත්‍රවාදය ගැන මොරදෙන මේ ගොල්ලන් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරයවත් දන්නේ නෑ. බහුතර ජනතාවක් කැමැත්ත දුන්නු පක්ෂයක් තිබියදී, ජනතාව ප්‍රතිකේෂ්ප කළ පිරිසක් එක්කරගෙන බලය අල්ලා ගැනීමට උත්සාහ දැරීම ප්‍රජාතන්ත්‍රවාදයට අවමානයක්....
පළාත් සභා මැතිවරණය නොතියාවි කියලා හිතෙනවා. මොකද පාර්ලිමේන්තුවේ මැතිවරණය සඳහා ඉදිරිපත් වෙලා පරාජය ලැබූ කෙනෙක් ප්‍රාදේශීය සභා මන්ත්‍රී තනතුරක් ඉල්ලා තිබුණා.
මෙයාලාට මොන ප්‍රජාත්‍රන්තයද? මේ නරි දන්නේ මොනවා හරි අල්ලන් හූ කියන්නයි. දුටු තැන වහා තමන්ගේ මල්ල පුරවා ගන්න හොරකම් කරන්නයි, පගා ගහන්නයි තමයි. අපේ රටේ ඉන්න බහුතරයක් ගවයින් මේ වගේ අවලම් අයට ඡන්දේ දීමෙන් වෙන විපාක විඳින්නේ වෙනත් අය. මුන්ට දුවන්න හදන්න ඕනේ එකේ වුණු විපතක් වැඩි ඈත නෑ. රාජ්‍ය සේවයේත් බහුතරයක් ඉන්නේ හොරු සහ පගාකාරයෝ... ඔවුන් සපෝර්ට් මේ හොරුන්ට... දැන්වත් නැගිටපල්ලා. මේ හොර රංචුව එලවන්න. නැත්නම් සීයා ආපහු කජු කකා චූන් වෙන්න ගනී.
තනි පක්ෂයකට ලැබුණු ආසන සංඛ්‍යාව අනුව තමයි නගරාධිපති තෝරා ගන්නේ. එහෙම නැතුව ඔක්කෝම ටික එකතුකර ගන්න කෙනාට නොවේ...
පුතානෝ කියන්නේ උපන්ගෙයි මෝඩයෙක් ! එයත් එක්ක ඉන්න මද්දුම බණ්ඩාර කියන්නේ අද දේශපාලනයේ ඉන්න කුහකම මිනිහා ! (ජෙප්පන්ටත් වැඩිය !) තව එකෙක් ඉඳලා ලඟදි සජබේ සභාපතිකමෙන් අයින් වුනා ! මුන් දෙන්නා ඉන්නකන්, ජෙප්පන්ට රජ මගුල් ! ජෙප්පෝ කොච්චර ගොබ්බ මොංගල් වුනත්, මුන් දෙන්නා දේශපාලනයේ ඉන්නකන් විපක්ෂය එකතු කරනවා කියන්නේ, ලාහෙට ගෙම්බෝ අල්ලනවට වඩා අමාරු දෙයක් !
මට හිතෙන විදිහට කවදාවත් අපේ රට ගොඩ ගන්න බැරි වෙයි. පැරණි තක්කඩි ටික ආයෙත් පැරනි සෙල්ලම් පටන් අරන් වගෙයි. පවතින ආණ්ඩුවටත් මේක හොඳ පාඩමක්. කෙළින් වැඩ කරන්නෙ නැතුව වටේ යනවට. මෙහෙම ගියොත් අපේ දරුවන්ට රටක් ඉතුරු වෙන්නෙ නෑ.
ඇත්තටම මේ කාලකන්නියා මොනවාද මේ කියවන්නේ? මේ මිනිහට මේවා කියන්න පුළුවන් උනාද? රනිල් 30 පාරක් විතර පරාජය වෙද්දි. එකතු වෙලා බලය ගන්නවා කියන්නේ, කරන්න පුළුවන් පහත්ම වැඩක්. ඊටවඩා හොඳයි මාස 6ක් වත් කරලා පෙන්නන්න කියන එක.
ඩීල් දැම්මොත් අතින් පාඩු වෙයි, හොරා කන්න නං හම්බවෙන්නෙ නෑ ගොයියෝ!
අපූරු මිනුම්දන්ඩ… මීහරක් හොදයි..
රෙද්දෙ ගියාම පිහිදාගන්න කඩදාසියක් නැති අය වෙන මොනවා කරන්නද?
මම ගියේ නැත්තේ.. ඡන්දෙ දාන්න. උද්දච්ඡ ටෝක් නිසා... ජනතාව ටොක්කක් ඇන්න රජයට. අනුරට වැටෙන ඡන්ද විතරයි ඔය ආවේ.. වසන්ත. බිමල්. ලාල් කාන්තලා...ගේ උද්දච්ඡ..."අපි රජය ගත්තේ දෙන්න නෙමෙයි.." කියපු අයට.. හොඳ පාඩමක්...!
NPP වහලුන්ට ප්‍රජාතන්ත්‍රවාදය ගැන එතරම් දන්නේ නැහැ. ඔවුන් එවැනි මූලධර්ම දැන ගන්නේ කෙසේද? ඔවුන් මොළ සේදීමට ලක් කර ඇති අතර සමහරු ත්‍රස්තවාදය, පැහැර ගැනීම, කොල්ලකෑම්, ගිනි තැබීම් ආදියෙන් උමතු වී සිටිති. එක් පක්ෂයක් කවුන්සිලය පාලනය කළ යුතු බවට කිසිදු න්‍යායක් නොමැත. එය තේරී පත් වූ සාමාජිකයින්ගේ සංයුතියයි. NPP වහලුන් ඇඹුල් මිදි යැයි පවසති. අධික ලෙස තක්සේරු කිරීම අසාර්ථක වීමට හේතුවක්. අවසානය ආරම්භ විය.
මාලිමාවුන් සෑහෙන කලබල වෙලා, කොළඹ නගර සභාවේ බලය නැති වේය කියලා, තාම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක නම් මන්ත්‍රීවරුන්ගේ වැඩිම ඡන්ද ගන්නා තැනැත්තා තමයි නගරාධිපති වෙන්නේ...!
මාලිමාව මැතිවරණය දිනලත් පැරදියි,,,, උද්දච්චකම, බොරුව, වාචාලකම සහ නිසි සෘජු සැලසුමක් නැතිකම සදහා ජනතාව නිසි පිළිතුරු දී ඇත.... දැන්වත් මේ පණිවිඩය තේරුම් නොගත්තොත් පළාත් පාලන මැතිවරණය එන කාලය වෙද්දි මාලිමාව ගහපු පදයකුත් නැති බෙරේ පලුවකුත් නැති තත්වෙට පත්වෙයි.
ජනාධිපති, අගමැති බැහැලා වැඩ කරපු චන්දයක්. සියළුම සම්පත්, අරමුදල් යෙදෙව්වා. දළදා දැක්මවලුත් කලා. මැයි රැලියට බස් පන්දාස් ගාණක් දාලා සෙනග ගෙනල්ලා පෙන්නුවා. අන්තිමට අගමැතිනිය නීති විරෝධී ලෙස ප්‍රචාරක කටයුතු කරන්නත් කිව්වා. මේ සියල්ල මැද මේ කඩා වැටීම අති විෂිශ්ඨයි.
පොහොට්ටුව, නිදහස් පක්ෂය, සර්වජන සජිත් එක්ක එකතු වෙන්නේ නෑ කිව්වා. ඉතින් කොහොමද බහුතරයක් හදන්නේ? ඒ අයත් බයයි හෙට පක්ෂය දෙකඩ වෙයි කියලා හවුල් වුනොත්. කොහොමත් සජබයට නගරාධිපති කරන්න බෑ
එදා මහින්ද රාජපක්ෂටත් තිබ්බා ඔහොම කෑලි එකතු කරලා පුරපති කරන්න නිදහස් පක්ෂයෙන් හැබැයි එහෙම කරේ නෑ මොකද මොළයක් තිබ්බ හින්දා. අනික 2018 හැරුනුම වුනත් කොළඹ 50%ක් තිබ්බේ නෑ UNP එකට 35-40%න් පුරපති කරාට විපක්ෂය සන්ධාන ගොඩනැගුවේ නෑ.
අවුලක් නෑ, හවුල් වන අය දැන්ම ලංසු තියන්න — මොකද හවුල් උනත් රැස්වීමට පනහයි නේ එන්නෙ. මේක ලාභදායක ක්‍රියාවක් — චන්ද 250/350 අරගෙන කෝටි දෙක තුනක් ..කොහොමද ඒක
ඉස්සර වෙලා පක්ෂයට හරි හමන් නායකයෙක් තෝරාගෙන ඉන්නවද, දිනන්න බැරි වද බැහැපු නායකයෙක් තියාගෙන ගේම් ගහල පලාත් පාලන ආයතනවල බලය අල්ලන්න හිතුවා මදි ඔහේලා.....