(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගය ප්‍රතිපත්ති අනුව සහ සජබ නායකත්වයෙන් ජනතා ගැටලු වලට විසැදුම් ලබා දීම සඳහා එකට වැඩ කිරීමට සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එම එකතුවේදී පක්ෂ වල අනන්‍යතාව රැක ගෙන කටයුතු කරන බව විපක්ෂ නායකවරයා කීය.
එකතු වීම අවස්ථාවාදී දේශපාලනය ඉලක්ක කර ගෙන නොව ප්‍රතිපත්ති ගරුකව රටේ ජනතාවගේ ප්‍රශ්න වලට විසැඳුම් සැපයීමේ අරමුණින් සිදුවිය යුතු යැයිද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමිනි.මැතිවරණය තියෙනවා නම් දිනය ප්‍රකාශ කරන ලෙස මෙහිදී සඳහන් කළ විපක්ෂ නායකවරයා මැතිවරණයක් වෙනුවෙන් සමගි ජන බලවේගය සූදානම් බව අවධාරණය කළේය.
ඕනෑම මත විමසුමකට සූදානම් බවත් ඕනෑම ලිට්මස් පරික්ෂණයකට සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සජබ නායකත්වයෙන් වැඩ වේ නම් එකතු වෙනවා