IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සජබ ජාතික ලැයිස්තුවේ පළමු පුරප්පාඩුවට රංජන්ට

(නිමල කොඩිතුවක්කු)

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ ඇති වන පළමු පුරප්පාඩුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පත්කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (26)පැවසීය.

රටේ දූෂණ වංචා වැළැක්වීමේ වැඩපිළිවෙළේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නැයි රන්ජන් රාමනායක මහතාට ආරාධනා කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

රන්ජන් රාමනායක මහතාට හිමිව ඇත්තේ අර්ධ නිදහසක් බවත් පූර්ණ කාලීනව දේශපාලනයේ නිරත වීම සඳහා ඔහුට පූර්ණ නිදහස ලබාදීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපති සමාව ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සමඟ කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

වංචාවට දූෂණයට එරෙහිව සටන් වැදුණු ජනතා නායකයෙකු වූ රන්ජන් රාමනායක මහතාට හිමි වූ නිදහස සම්බන්ධයෙන් තමන් අතිශයින් සතුටට පත්වන බවත් විපක්ෂ නායකවරයා එහිදී කීවේය.



අදහස් (5)

සජබ ජාතික ලැයිස්තුවේ පළමු පුරප්පාඩුවට රංජන්ට

කට-කට Friday, 26 August 2022 05:58 PM

ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ලා රංජන්ට නම් කටින් බතල හරි හිටුවන්න පුළුවනි. ඒත් සජබ සජියාට?

:       0       0

Bamunuarachchi Friday, 26 August 2022 06:19 PM

රටට අමුතුවෙන් හෙන වදින්න ඕනේ නැහැ. මේ හෙනම ඇති...!

:       0       1

Podimalli Friday, 26 August 2022 07:08 PM

රංජන් සජබයට ඕනේ නම්, වීරයෙක් නම් ජාතික ලැයිස්තුවේ කෙනෙක් අස්වෙලා කරන්නකෝ..

:       0       3

මේනකා Saturday, 27 August 2022 02:02 AM

රන්ජන් රාමනායක වෙනුවට පත්කළ මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම දවසින් පත්කලේ සජී... දැන් බයිලා කියනවා

:       0       0

Senjee Saturday, 27 August 2022 11:27 AM

බොරුවේ උපත. මේ ලිපියේම තියනවා රන්ජන් මහතාට පුර්ණ නිදහස නැති බව. ඒ කියන්නේ ප්‍රජා අයීතිය නැති බව. ඉතින් කොහොමද පාර්ලිමේන්තුවට පත් කරන්නේ. තාමත් ලංකාවේ ඉන්නේ පිස්සෝ. අගමැතිකම ගන්නේ නැතුව බයිලා ගහපු නාට්‍යයේ ඊළග කොටස.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 425 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site