(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වසර ගණනාවක් පුරා වතුකම්කරුවන් ලෙස හඳුන්වන උඩරට වැඩ කරන ප්‍රජාව මෙරටට විදේශ විනිමය ගෙන ඒමට විශාල වැඩකොටසක් ඉටු කළත් ඔවුන් සිටින්නේ අඩු පහසුකම් යටතේ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
නිසි පරිදි ප්‍රවාහන පහසුකම් නොමැති හෙයින් පාසල් වෙත ළඟා වීමට විශාල වෙහෙසක් දැරිමට සිදුවන බවත් ඊට අමතරව අඩු සෞඛ්‍ය පහසුකම් යටතේ ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමටත් ඔවුන් දුගී භාවයෙන් මුදා ගැනීමටත් රජය කටයුතු කළ යුතු බව විපක්ෂ නායකවරයා පැවසීය.
වතු කම්කරුවන් එම නාමයෙන් හඳුන්වනවාට වඩා උඩරට වැඩ කරන ප්‍රජාව ලෙස හැඳින්වීම වඩාත් සුදුසු බව ද විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"වතු විරුවෝ" කියලා දැම්මා නම්, ඔයිට වඩා ඔවුන්ව අන්දන්න පුළුවන්නේ.. නිකම් ගොන් මෝඩ කතා නොකියා ඔවුන්ගේ වැටුප් වැඩිකරන්න ක්‍රමවේදයක් සකසන්න. හිඟන අපිට මොකටද ඔය මහලොකු පට්ටම්...?
එතකොට කම්කරු දෙපාර්තමේන්තුවේ නමත් වෙනස් කරන්න වෙනවා නේද ? එයට උඩරට වැඩකරන ප්‍රජාවගේ දෙපාර්තමේන්තුව කියලා දමන්න වෙනවා. මේ වගේ කතා කොයි පැත්තේත් ඉන්න දේශපාලන පක්ෂ වල අයගේ සුරංගනා කතා.කිරි ගොවියා,රට විරුවා,බන්ධනාගාර රැඳවියා,වන අලියා ආදී වශයෙන් ..
එතකොට උන්නැහේ උඩරට ඉන්න අනිත් අය වැඩ නොකරන ජනතාවද? බලාගෙන වාඩිවෙනකොට මොලේ තැලෙන්න පුළුවනි. මේ අහිංසක මිනිස්සුන්ව අන්දලා හරි ඡන්ද ගන්න තමයි හිත නේද? බයවෙන්න එපා ඊළඟට ඔයා නිකන්ම නිකං මන්ත්‍රී විතරයි...
මිටි නම් කම්කරු...!
දවසට එක ගානේ විහිළු කතා කියන විහිළු කාරයෙක්... මේ රට බාරගන්න ඉන්න නායකයෙක් නොවේ...
"ලෝක පූජිත උඩරට වැඩ කරන ප්‍රජාව" කියලා දාමුද? පියාගේ නමත් ඉවරයි...
ඊට වඩා හොදයි "ද වෘතිකයින්" කිව්වනම්.
විහිලු කාරයෙක් වෙන්නේ නැතිව ,ක්‍රම වේදයක් හදන්න එක පවුලකට පිරිසිදු වැසිකිලියක් ලැබෙන විදියට .අපිත් උදවු කරන්නම් එහෙම දෙයක් කරනවානම්
ඔබතුමා කට වහගෙන ඉන්න තරමට ඔබතුමාගේ චන්ද ගොඩ වැඩි වෙනවා
විහිළු කාරයෙක් නෙවී සංවේදී වීමට උත්සාහ වන්න.