( සිතුම් චතුරංග)
එල්.ටි.ටි.ඊ සංවිධාන විසින් සඟවා තිබෙන රත්තරන් සෙවීම සඳහා භූගත වස්තූන් නිරීක්ෂණය කරන ස්කෑනර් යන්ත්‍රයකින් පරීක්ෂා කරමින් සිටි පුද්ගලයින් 6ක් කිලිනොච්චිය, රාමනාදපුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ධර්මපුරම් පොලිසිය කියයි.
යුද හමුදා බුද්ධි නිලධාරීන් වෙත ලැබුණ තොරතුරකට අනුව පොලිසිය හා එක්ව සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
සැකකරුවන් මහනුවර,දිගන හා යාපනය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30ත් 40ත් අතර වයසේ පසුවන්නෝ වෙති.
සැකකරුවන් සතුව තිබි නවීන ස්කෑනර් යන්ත්‍රයට අමතරව වෑන් රථයක් හා යතුරුපැදියක් ඇතුළු උපකරණ තොගයක් අත්අඩංගුවට ගත් බවත් සැකකරුවන්ගෙන් සිව්දෙනකු මහනුවර දිගන ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් බවත් පොලිසිය පැවසීය.
යුද සමයේ පලායන ත්‍රස්තවාදීන් සැකකරුවන් පරීක්ෂාකළ ස්ථානයෙ රත්තරන් වළදමා ඇති බවට හිටපු එල්.ටි.ටි.ඊ සාමාජිකයකු ලබාදුන් තොරතුරක් මත භූගත වස්තු පරීක්ෂාකරන ස්කෑනර් යන්ත්‍රයෙන් පරීක්ෂාකොට කැණීම් කිරීමට සූදානම්ව සිටි බවට පොලිසියට තොරතුරු අනාවරණය වී තිබේ.
කැණිම් කිරීමට සූදානම්ව සිටි ස්ථානයේ එක් ස්ථානයක් සැකකරුවන් කැණිම් කොට ඇති බවත් පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd