IMG-LOGO

සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගැසුවාට වසර 6 ක් හිරගෙට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අටුලුගම මාරාව ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගසමින් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරුට එරෙහිව වසර 6 ක සිර දඬුවම් නියම කිරීමට පානදුර අධිකරණයේ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (21) නියෝග කළේය. 

ඊට අමතරව විත්තිකරුට රුපියල් 10,000ක දඩයක් ද නියම කෙරිණි. එසේම, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනා  ඇතුළු රාජකාරි සඳහා කැබ් රථයේ ගමන් ගත් සිව්දෙනාට  රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.  

මෙලෙස සිර දඬුවම් නියම වූයේ අටුලුගම මාරාව පදිංචි පකීර් මොහොමඩ් මොහොමඩ් අමීර් නැමැති 52 හැවිරිදි පුද්ගලයකුටය.

චෝදනා 8 ක් බණ්ඩාරගම පොලීසිය සැකකරුට විරුද්ධව ගොනු කර තිබිණි.  

කොරොන ආසාදිතයෙකුව සිටි සැකකරු රෝහල්ගත කිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම සඳහා ඉකුත් දෙසැම්බර් 2 වැනිදා මාරාව ඔහුගේ නිවස අසලට ගිය අවස්ථාවේදී එම තැනැත්තා  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බැණවැදී රාජකාරියට බාධා කරමින් ඔවුන්  ගමන්ගත් කැබ් රථයේ දොර විවෘත කර  කෙළ ගසා  තිබිණි.

චෝදනා තුනකට වසර දෙක බැගින් වූ සිර දඬුවම් ද, නියම කරන ලද  වන්දි මුදල් නොගෙවන්නේ  නම් මාස 6 බැගින් වසර දෙකක සිර දඬුවම් ද මහේස්ත්‍රාත්වරයා නියම කළේය. රුපියල් 10,000ක දඩ මුදල නොගෙවන්නේ නම් මාස 6ක සිර දඬුවම් ද වෙනත් චෝදනා දෙකකට රුපියල් 50 බැගින් වූ  දඩ මුදල් නොගෙවන්නේ නම් සති දෙකක සිර දඬුවම් ද නියම කෙරිණි.

බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බුද්ධික හා පොලිස් සැරයන් එදිරිසිංහ යන මහත්වරු පැමිණිල්ල ඉදිරිපත් කළහ.



අදහස් (16)

සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගැසුවාට වසර 6 ක් හිරගෙට

පිට්ගල මිලානෝ Thursday, 21 January 2021 01:18 PM

ඉතාමත්ම ප්‍රශංසනීය නඩු තීන්දුවක්..!

:       12       92

Akila Thursday, 21 January 2021 02:17 PM

සර් හිටියා නම් මෙහෙම වෙන්නේ නැහැ...

:       29       19

jayasekaraFriday, 22 January 2021 03:34 AM

සර් ෆේල් කියලනේ කියන්නේ...!!!

:       2       14

Prabha Thursday, 21 January 2021 02:25 PM

මාරාන්තික වෛරයක් බෝ කිරීමට උත්සාහ කරාට, මීට වඩා ලොකු දඬුවමක් දෙන්න තිබුණේ..

:       5       56

සහීඩ් මොහමද් Thursday, 21 January 2021 02:39 PM

මේ ගැන කිසිම විවේචනයක් නැහැ. මොහුගේ ක්‍රියාව පිළිකුල් සහගතයි....

:       1       80

RaveendraThursday, 21 January 2021 06:28 PM

සහතික ඇත්ත ...!!! 

:       1       4

මොණරවිල Thursday, 21 January 2021 04:06 PM

එතකොට යුක්‍රේන් වලින් කොරෝනා පොකුරු ගේන අයට? බ්‍රැන්ඩික්ස් පොකුරු ගෙන්නපු අයට? පැණි වෙදාට?

:       7       0

Nazar dilshad Thursday, 21 January 2021 04:08 PM

මෙයාගේ දිවට දඬුවම් දෙන්න ඕනේ..

:       0       0

Bandara Thursday, 21 January 2021 04:50 PM

නියමයි...

:       0       3

ලුම්බිණි Thursday, 21 January 2021 11:20 PM

මෙම පුද්ගලයාගේ ක්‍රියාව ඉතාම අශීලාචාර දෙයක් සහ දඬුවම් කළ යුතු දෙයක්. ඒත් වසර 6 නම් වැඩියි.

:       12       5

kamal Friday, 22 January 2021 03:27 AM

ගොට්ට අල්ලපු කෙනෙක් වුණානම් කොහොමද?

:       8       8

BamunuarachchiFriday, 22 January 2021 11:54 AM

ගොට්ට අල්ලපු අය සිටියේ 1977න් පස්සේ අපි ඒ ගොල්ලන්ට කිව්වේ බත් ගොට්ටෝ කියලා. එතකොට ඔහේ ඉපදිලාවත් නැහැ නේද? මෑතක ගොට්ට අල්ලපු අය සිටියා 2015-2020 කාලේ...

:       5       5

Bamunuarachchi Friday, 22 January 2021 04:08 AM

දෙන දඬුවම් අවුරුදු 4න් ඉහළට ලැබෙනවා නම් හොඳයි. නැවත මෙම ආණ්ඩුව ආවාම 4, 40 කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි.

:       8       4

chinthaka Friday, 22 January 2021 04:30 AM

ඉතාමත්ම ඉහළ නඩු තීන්දුවක්... මේක අනෙක් අයටත් පාඩමක්..

:       0       14

raheem Friday, 22 January 2021 06:00 AM

කෙළ ගහලා වැඩේ කාගත්තා නේද? දැන් කටේ කෙළ හිඳිලා ඇති...

:       0       13

banda Friday, 22 January 2021 12:10 PM

මෙතන අදහස් දාන බක පණ්ඩිතයෝ මොනවා කිව්වත් මෙයා මාස 06න් ගෙදර... සමහරවිට පෙබරවාරි 04 වෙන්නත් පුළුවන්.. මම කියන්නේ බොරුද බලන්නකෝ..!!!

:       4       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 183 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 333 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 676 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site