IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


සාක්ෂි දුන් තුනකට දේශබන්දු කමිටුව දෙහි කපයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

දිවුරුම්දී බොරු සාක්ෂි නොදෙන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කරන ත්‍රිපුද්ගල කමිටුවේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සාක්ෂිකරුවන් තිදෙනෙකුට ඊයේ(25)තරයේ අවවාද කළේය.

පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම විමර්ශනය කර වාර්තා කිරීමට පත් කෙරුණු පරීක්ෂණ කමිටුව ඊයේ(25) රැස් වූ අවස්ථාවේ සාක්ෂි දීමට පැමිණි කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂ නෙවිල් සිල්වා, කොළඹ දිසාව භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍ර කුමාර සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මානව සම්පත් ජෙෂ්ඨ කළමනාකරු තනේෂ් ඩයස් යන සාක්ෂිකරුවන්ට සභාපතිවරයා මෙසේ අවවාද කළේය.

කමිටු සභාපති:

ඔබ මෙතනට ආවේ වැරදි සාක්ෂි දෙන්නද ? කියපු දේවල් ආපහු ඉල්ලා අස්කර ගන්නවා නම් මොකටද මෙතනට ආවේ? මම දන්නවා ඔබට වඩා මේ සිද්ධිය. අකුරක් නෑර කියවලයි මෙතනට ආවේ. බොරුවක් කිව්වොත් අල්ලන එක අල්ලනවාමයි. ඒකටයි අපි මෙතන ඉන්නේ

නෙවිල් ද සිල්වා මහතා;

මම කිව්ව ඇතැම් දේවල් ඉල්ලා අස්කර ගන්නවා.

සභාපති;

ජංගම පොලිස් රථයකින් ඇවිත් හේතුවක් නැතිව වෙඩි තියනවාද?

නෙවිල් ද සිල්වා මහතා:

හේතුවක් නැතිව වෙඩි තියන්නේ නෑ ස්වාමීනි

සභාපති විනිසුරු:

ඔබ සාක්ෂි දෙද්දි එක ස්ථාවරයක් ගන්නේ නෑ. මැරිච්ච මිනිහට හැම දෙයක්ම දාන්න එපා. ඒක ඔහුට කරන අසාධාරණයක්.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා:

කමිටුවේ කවුරු හරි කිව්වොත් මෙම සිදුවීමෙන් පස්සෙ හරක් කටාගේ නම් ලැයිස්තුව සම්බන්ධයෙන් විමර්ශන වුණේ නෑ. කඩාකප්පල් වුණා කියලා. ඔබ එය පිළිගන්නවාද?

සාක්ෂිකරු:

නැහැ ස්වාමීනී අවස්ථා කිහිපයකදීම සිදු වුණා.කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අදාළ වැටලීම සහභාගී වූ පිරිස කළ ප්‍රකාශ මත එම නිගමනයට පැමිණියා

සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා:

වැරදි කරපු කෙනා වැරදි කළා කියලා කියන්නේ නෑනේ. නිලධාරීන් කියන එක විශ්වාස කරගෙන ඒක මතම ක්‍රියා කරනවා නම් ඔබ ඔය තනතුරේ ඉන්න සුදුසු කෙනෙක්ද? හරියට හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්නේ ඔබ කරලා තියෙන්නේ.

පලා යන කෙනෙකුට ටවෙඩි තියනවා නම් හෝටලයේ උඩ කාමරකට වෙඩි වදින්න පුළුවන්ද?

සාක්ෂිකරු:

රාත්‍රී කාලය නිසා එහෙම වෙන්න ඇති

සභාපති :

පලා යන මිනිහා පියාඹලාද ගියේ උඩට වෙඩි තියන්න? සී.සී.ඩී. එකේ අය වැරදි කළේ නෑ කියලා කොහොමද ඔබ තීරණය කළේ?

සාක්ෂිකරු;

නිහඬව සිටී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මානව සම්පත් ජේෂ්ඨ කළමනාකරු තනේස් ඩයස් මහතා සාක්ෂි දීම සඳහා ඉන්පසු කැඳවිණ.

පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සංජය වීර වික්‍රම මහතා:

දේශබන්දු තෙන්නකෝන් මහතා 2021,2022,2023 වසර වලදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කුමන හෝ තනතුරක් දැරුවාද?

සාක්ෂිකරු:

නැත ස්වාමීනි

නීතිඥ වීර වික්‍රම මහතා

එසේ නැතිනම් දේශබන්දු තෙන්නකෝන් මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ගෙවීමක් කරලා තියෙනවාද?

සාක්ෂිකරු:

නැහැ .එහෙම ගෙවීමක් කළේ නෑ

කමිටු සාමාජික විනිසුරු ලලිත් ඒකනායක මහතා;

දේශබන්දු තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග කුමන හෝ සම්බන්ධතාවයක් පැවැත්වූවාද

සාක්ෂිකරු:

මෙරටට පැමිණෙන ක්‍රිකට් කණ්ඩායම්වල ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළා. ඒ බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විදියට. ඒ අනුව එම කණ්ඩායම් සඳහා ආරක්ෂාව සැපයීම, පෙර ගමන්රථ යෙදවීම, ආරක්ෂාව පිළිබඳ බුද්ධි තොරතුරු ආදිය ලබා ගැනීම වැනි කටයුතු කළා

නීතිඥ සංජය වීරවික්‍රම මහතා :

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුට කුමන හෝ තනතුරක් ප්‍රදානය කළාද

සාක්ෂිකරු:

ඔව්.2021 අගෝස්තු 7 වැනිදා. ඔහු ස්තුතිය පළ කර එම තනතුර ප්‍රතික්ෂේප කළා. එම තනතුර ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියකිනුත් දැනුම් දුන්නා

( සාක්ෂිකරු තෙන්නකෝන් මහතාට යැවූ ලිපිය සහ තෙන්නකෝන් මහතා ඊට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කළ ලිපිය කමිටුවට ඉදිරිපත් කළේය)

මේ අනුව වගඋත්තරකාර පාර්ශවයේ නඩුව අවසන් කරන බව නීතිඥ සංජය වීරවික්‍රම මහතා කමිටුවට දැනුම් දුන්නේය.

 



අදහස් (3)

සාක්ෂි දුන් තුනකට දේශබන්දු කමිටුව දෙහි කපයි

maalaka Thursday, 26 June 2025 08:11 AM

හරිට හරි. හොරගේ අම්මගෙන් පේන අහනවා වගේ කතාව. මේ ඔක්කොම එක වල්ලේ පොල්. ඒකට බොරු කියන්න පුහුණුවෙලා ඇවිල්ලා . දැන් බාබාල. මේ අයට නිසි දඬුවම් කරන්නම වෙනවා, අනිත් අයටත් ආදර්ශයක් වෙන්න.

:       1       10

යෝගා Thursday, 26 June 2025 09:46 AM

පච ආණ්ඩුවේ උවමනාවට හෝ බලපෑමට මෙහෙම බොරු සාක්කි දෙනවා වෙන්න බැරිද? පචයෝ විශ්වාස නෑ. හොයලා බලන්න.

:       12       8

visnu Thursday, 26 June 2025 11:13 AM

ගෙවීම සිදු කර ඇත්දැයි බැලීමට විමර්ශකයින් අදාළ කාල සීමාව සඳහා මුදල් පොත සහ චෙක්පත් කවුන්ටර තීරු පරීක්ෂා කළ යුතුය. ක්‍රිකට් මණ්ඩලයේ සාක්ෂි විශ්වාස කළ නොහැක.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site