(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
අත් මාංචු දමා කළුතර අධිකරණ භූමියට රැගෙන ආ සැකකරුවක අධිකරණය තුළට රැගෙන යාමට ඔන්න මෙන්න කියා තිබියදී අනෙක් සැකකරුගේ මුහුණට පහර දී අත්මාංචු ගලවාගෙන පලා ගොස් ඇතැයි කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
හොරයින් මත්කුඩු මිලිගෑම් 10 ක් හා කෝපි ඇඹරුම් යන්ත්‍රයක් සොරකම් කිරීමේ චෝදනා මත කළුතර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීම හේතුවෙන් අලුත්ගම දර්ගා නගරයේ පදිංචි සැකකරුට එරෙහිව දින වරෙන්තු කර තිබූ බව එම නිලධාරියා කීය.
එම සැකකරු අත්අඩංගුවට ගෙන තවත් සැකකරුෙකු සමඟ එකට අත් විලංගු දමා සැකකරුවන් දෙදෙනාම ජීප් රථයෙන් කලුතර මහේස්ත්‍රාත් අධිකරණ භූමිය වෙත රැගෙන ආ අලුත්ගම පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකු සැකකරුවන් දෙදෙනා පිටතට ගැනීමට ජිප් රථයේ ද දොර විවර කිරීමත් සමගම සැකකරු අනෙක් සැකකරුගේ මුහුණට පහරදී ක්ෂණයකින් අත් විලංගු ගලවාගෙන ජීප් රථයෙන් පිටතට පැන පලා ගොස් ඇත.
පලා යමින් සිටි සැකකරු පසුපස සැකකරු රැගෙන ආ කොස්තාපල්වරුන් දෙදෙනා සේම එම අවස්ථාවේදී අධිකරණයට පැමිණ සිටි පොලිස් නිලධාරීන් විශාල පිරිසක් සහ නඩු කටයුතු සඳහා පැමිණ සිටි සාමාන්‍ය ජනයා ද හඹා ගියද ඔහු අල්ලා ගැනීමට නොහැකි වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මූ මොකෙද්ද මන්දා. ඔච්චර වැඩක් කරන්න පුළුවන් මොකාටද.
පැනගියාද පැන ඇරියාද…?
හරියට මාංචු දැම්මානම්...!
අත් මාංචු ගලවාගෙන පැන යන තුරු බලා සිටි අපේ පොලීසිය... ඉතිං අපේ ආරක්ෂක සේවයට වඩා අපරාධකරුවන්, පාතාල සාමාජිකයින් ඉදිරියෙන් බව අමුතුවෙන් කියන්න දෙයක්ද?