IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සැකකරුවෙක් අධිකරණ භූමියේදී පැන යයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

අත් මාංචු දමා කළුතර අධිකරණ භූමියට රැගෙන ආ සැකකරුවක අධිකරණය තුළට රැගෙන යාමට ඔන්න මෙන්න කියා තිබියදී අනෙක් සැකකරුගේ මුහුණට පහර දී අත්මාංචු ගලවාගෙන පලා ගොස් ඇතැයි කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

හොරයින් මත්කුඩු මිලිගෑම් 10 ක් හා කෝපි ඇඹරුම් යන්ත්‍රයක් සොරකම් කිරීමේ චෝදනා මත කළුතර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීම හේතුවෙන් අලුත්ගම දර්ගා නගරයේ පදිංචි සැකකරුට එරෙහිව දින වරෙන්තු කර තිබූ බව එම නිලධාරියා කීය.

එම සැකකරු අත්අඩංගුවට ගෙන තවත් සැකකරු‍ෙකු  සමඟ එකට අත් විලංගු දමා සැකකරුවන් දෙදෙනාම ජීප් රථයෙන් කලුතර මහේස්ත්‍රාත් අධිකරණ භූමිය වෙත රැගෙන ආ අලුත්ගම පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකු සැකකරුවන් දෙදෙනා පිටතට ගැනීමට ජිප් රථයේ ද දොර විවර කිරීමත් සමගම  සැකකරු අනෙක් සැකකරුගේ මුහුණට පහරදී ක්ෂණයකින් අත් විලංගු ගලවාගෙන ජීප් රථයෙන් පිටතට පැන පලා ගොස් ඇත.

පලා යමින් සිටි සැකකරු පසුපස  සැකකරු රැගෙන ආ කොස්තාපල්වරුන් දෙදෙනා සේම එම අවස්ථාවේදී අධිකරණයට පැමිණ සිටි පොලිස් නිලධාරීන් විශාල පිරිසක් සහ නඩු කටයුතු සඳහා පැමිණ සිටි සාමාන්‍ය ජනයා ද හඹා ගියද ඔහු අල්ලා ගැනීමට නොහැකි වී ඇත.

 



අදහස් (4)

සැකකරුවෙක් අධිකරණ භූමියේදී පැන යයි

ගාමිණී Sunday, 04 February 2024 11:22 PM

මූ මොකෙද්ද මන්දා. ඔච්චර වැඩක් කරන්න පුළුවන් මොකාටද.

:       0       1

පැරකුම් Monday, 05 February 2024 05:32 AM

පැනගියාද පැන ඇරියාද…?

:       0       0

ravin Monday, 05 February 2024 06:50 AM

හරියට මාංචු දැම්මානම්...!

:       0       0

Pradeep Kumara Monday, 05 February 2024 08:55 AM

අත් මාංචු ගලවාගෙන පැන යන තුරු බලා සිටි අපේ පොලීසිය... ඉතිං අපේ ආරක්ෂක සේවයට වඩා අපරාධකරුවන්, පාතාල සාමාජිකයින් ඉදිරියෙන් බව අමුතුවෙන් කියන්න දෙයක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 155 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site