(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පොලිසියෙන් බව පවසා අංගොඩ මීගහවත්ත ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී පුද්ගලයකුගේ හිසට වෙඩි තබා ඝාතනය ආ සැකකරුවන් පැළඳගෙන සිටි ආරක්ෂක හිස් වැසුම් දෙකක් සහ ජැකට් තුනක් මාලඹේ ප්‍රදේශයේ කෙසෙල් වගාබිමක් තුළ තිබියදී අද සොයා ගත් බව කඩුවෙල පොලිසිය කියයි.

එක් පැකට්ටුවක ලේ සලකුණක් දක්නට ඇතැයි පොලිසිය කියයි.

ඝාතනයට යොදා ගත් යතුරු පැදිය කඩුවෙල ක්ෂණික ආහාර නිෂ්පාදන නිෂ්පාදන ආයතනයක් අසල තිබී සොයා ගත් අතර ඝාතනයට ලක් වූ පුද්ගලයා 42 හැවිරිදි පුද්ගලයෙකි

මුල්ලේරියාව පොලිසිය ඇතුළු පොලිස් කණ්ඩායම් කීපයක් ඝාතකයන් සොයා පරීක්ෂණ පවත්වයි.