IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


සංචාරකයින් මුලා කරන තිදෙනෙකු අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

සංචාරක මඟ පෙන්වන්නන් ලෙස හඟවමින්   මෙරට අසිරිය විඳගැනීම සඳහා පැමිණෙන සංචාරකයන් මුලාකර මුදල් වංචා කිරීමේ යෙදුණු  පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බවව සංචාරක පොලිසිය කියයි.

නාවික හා සංචාරක දිසා කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති  නාලක ද සිල්වා මහතාගේ මඟ පෙන්වීම මත අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි  ප්‍රභාත් විධාන ගමගේ මහතාගේ උපදෙස්මත විශේෂයෙන් සංචාරක ගමනාන්තයක් වන කොළඹ දිසාවේ  සිදු කරන විශේෂ ආරක්ෂක වැඩසටහන යටතේ කොළඹ, කොටුව චැතැම් වීදිය ප්‍රදේශයේ රැඳී සිටි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකාර පුද්ගලයන් මෙරට පැමිණෙන සංචාරකයන් අමතා උද්ඝෝෂණ පවතින බැවින් මාර්ග වසා දමා ඇති බවත්, ඒ හේතුවෙන් රථ වාහන තදබද පවතින බවට මුලාකර මෙන්ම     එමමාර්ගවල පිහිටි  ඇතැම් හෝටල්වල කළමනාකරුවන් ලෙස පෙනීී සිටිමින් සංචාරකයන්ට  හිරිහැර වන ආකාරයෙන් මෙන්ම මුලා කර දුර බැහැර ප්‍රදේශවලට හෝටල් කරා ත්‍රිරෝද රථ මගින් යොමු කර අසිමිත ආකාරයෙන් මුදල් වංචා කර ඇතැයිද    වාර්තා වී ඇතැයි වී යැයි පොලිසිය කියයි.

එම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලට යටතේ  පාපැදි , යතුරුපැදි හා ජංගම සංචාර යොදා ගනිමින් විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා  සංචාරය සඳහා සුදුසු රටක් වශයෙන් විදේශිකයන්ට තවදුරටත් ඒත්තු ගැන්වීම සඳහා සංචාරක කොට්ඨාස පොලිසිය මගින් සිදු කරන විශේෂ ආරක්ෂක දිගින් දිගටම ක්‍රියාත්මක කරන බව ජේෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසීය.

 

 



අදහස් (1)

සංචාරකයින් මුලා කරන තිදෙනෙකු අල්ලයි

Anura Tuesday, 11 November 2025 10:44 AM

මේක නම් කරන්න අවශ්‍යම වැඩක් , කොළඹ තමයි ඔක්කොම් හොරු ටික ඉන්නේ , මැතකදී මන් දැක්ක අන්තර්ජාලයේ තියනව ලංකවේ අසහන කාරයෝ ටිකක් වෙරළබඩ දුමිරියේ තනියෙන් ගමන් කරන විදේශිය තරුණියන්ට අවයව පෙන්නමින් හරිම අසෝබන විදිහට හැසිරෙන වීඩියෝ ,පෙනෙන විදිහට එකම පුද්ගලයන් 3 - 4 දෙනෙක් තමයි මේක කරන්නේ , ඒ අයවත් හොයල අත්අඩංගුවට ගන්න

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 539 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1692 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site