IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 2.659

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙම වසරේ පළමු මාස 10 තුළ ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.659 ක ආදායමක් උපයා ඇති බවත් එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 4.9 ක වර්ධනයක් බවත් මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.

පසුගිය වසරේ පළමු මාස 10දී සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.533 ක මුදලක් ශ්‍රී ලංකාව උපයා තිබිණි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයෙන් සියයට 3 ක ප්‍රතිශතයකට දායකත්වය සපයන සංචාරක ඉපයීම් මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 186.1ක් මුදලක් උපයා තිබූ අතර එය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව සියයට 0.27 ක වර්ධනයක් විය. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 185.6ක් වූවේය.

පසුගිය ජූලි සහ අගෝස්තු මාසයේදී මෙරට සංචාරක ඉපැයීම් සෘණාත්මක වර්ධනයක් පෙන්නුම් කිරීමෙන් පසුව ඔක්තෝබර් මාසයේදී මෙලෙස සියයට 0.27 ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

 



අදහස් (0)

සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 2.659

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 831 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2474 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1779 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site