
(ඩයනා උදයංගනී)
චීන ශ්‍රී ලංකා මිත්‍ර සබඳතාවයන්ට වසර 65ක් සහ රබර් සහල් ගිවිසුමට වසර 70ක් පිරීම සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය සංවිධානය කළ සැමරුම් උත්සවයක් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී අද (17) පැවැත්විණි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට මෙරට දේශපාලන පක්‍ෂ රැසක නියෝජිතයෝ සහභාගී වී සිටියහ.
වසර 65 සපිරෙන චීන-ශ්‍රී ලංකා තානාපති සබඳතා වෙනුවෙන් නිකුත් කළ සමරු සාර සංග්‍රහය එළිදැක්වීම ද මෙහිදී සිදුකෙරිණි.
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ වැඩ බලන සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා විසින් එම සමරු සාර සංග්‍රහය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂ නායකයන්ට පිළිගන්වනු ලැබීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මේක සමරන්න එක චීනෙක්වත් ආවේ නැද්ද? අපේ අය විතරක් උඩ දාගෙන නටලා හෙම්බත් වෙලා ගෙදර බලා ගිහිල්ලාද?
නොදකින්...!