(ෂේන් සෙනෙවිරත්න)

ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂිකව සිදුකරන සිව් මහා මංගල්‍යයන්ගෙන් ප්‍රථම මංගල්‍යය වන අලුත් සහල් මංගල්‍යය අද (25) දුරුතු පොහෝ දින සිදු කෙරුණි .

ශ්‍රී දළදා මාලිගාවේ කෙත් වතු වලින් නෙළාගන්නා ලද නැවුම් වී අස්වැන්නෙන් සැකසූ කිරිබත් දන්ත ධාතූන් වහන්සේ උදෙසා පූජා කිරීම එහිදී සිදුකෙරුණි .

තේවාව භාර මහා සංඝරත්නය සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු රාජකාරී භාර පිරිස් මෙම අවස්ථාවට සහභාගි විය .