
(මනෝප්‍රිය ගුණසේකර)
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ සිරකර තැබීම සඳහා පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කළ බවට යුද හමුදා ලුතිනන් කර්නල්වරුන් දෙදෙනෙකු ඇතුලු හමුදා බුද්ධි නිලධාරීන් 07 දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවකු වශයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂක ශානී අබේසේකර මහතා නම් කළ බව නීතීපතිවරයා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට අද දැනුම් දුන්නේය.
නඩුව කැඳවු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා මහතා මේ බව දැනුම් දුන්නේය.
මහාධිකරණ විනිසුරුවරුන් වන ආචාර්ය නාමල් බලල්ලේ (සභාපති), මහේෂ් වීරමන් සහ සුජී්ව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවනු ලැබිණ.
2010 ජනවාරී මස 24 වැනිදාත් 27 වැනිදාත් අතර කාලයේ ගිරිතලේ, කොස්වත්ත, බත්තරමුල්ල, අඩලච්චේන හා අක්කරපත්තුව ප්‍රදේශවලදී පැමිණිල්ල නොදත් පිරිසක් සමඟ එක්ව ප්‍රගීත් රන්ජන් බණ්ඩාර එක්නැළිගොඩ නමැත්තා අයුතු ලෙස සිරකර තැබීමේ අදහසින් ඔහු පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කළ බවද ඒ අනුව නීතීවිරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන් ගොස් ඔහුගේ මරණය සිදුකළ බවටද විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.
මෙම අපරාධයන් සිදුකිරීම සඳහා ආධාර අනුබල දුන් බවටද විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් වැඩිදුරටත් චෝදනා නඟා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යම්කිස් දෙයක් නිකම් පෙනී නොපෙනී යනවා. මේවායේ නියම සත්‍යය වැඩි ඈතක් නොගොස් අපට දැනගන්න පුළුවන් වෙයි. කාගේවත් බලය සදාකාලික නෑනේ...
පැලවත්තෙන් නිශ්පාදනය කරලා අධ්‍යක්ෂනය කරන කොමඩි නාටකයේ තවත් ජවනිකාවක්. හැබැයි කොච්චර දැඟලුවත් බලය රැකගන්න නම් හම්බවෙන්නේ නෑ