IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වෛද්‍යවරයාට ගැහුවයි බදුල්ල රෝහලේ වැඩ නවතියි

(ප්‍රසාද් රුක්මල් සහ පාලිත ආරියවංශ)

බදුල්ල ශික්ශණ රෝහලේ සේවය කරන වෛද්‍යවරෙයකුට බදුල්ල වෙලේකඩේ ප්‍රෙද්ශෙය් දී  පහරදුන්නැයි රෝහලේ වෛද්‍යවරු අද(17) සංකේත වැඩ වර්ජනයක නිරතව සිටියහ.

පහරකෑමෙන් තුවාල ලැබූ බදුල්ල ශික්ශන රෝහලේ සේවය කරන වෛද්‍යවරයා බදුල්ල ශික්ශන රෝහලේ වාට්ටු අංක 8  නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව බදුල්ල පොලිසිය පවසයි.

මෙමවෛද්‍යවරයා රාජකාරි කටයුතු නිමකර ඊයේ(16) රාත්‍රි සිය නිළ නිවසට යාමට වෙලේකඩේ ප්‍රෙදේශයේ දී මෝටර් රථය නවතා ඒ අසල ආපනශාලාවකට ගිය අතර තුරේ මෝටර් රථය හරස් කර ත්‍රිරෝද රථයක් නවතා ඇති අතර පසුව වෛද්‍යවරයා මෝටර් රථය ගැනීමට  ත්‍රිරෝද රථය ටිකක් අයින් කරන ලෙසට දැනුම්දීමත් සමඟ ත්‍රිරෝද රථයේ සිටි දෙදෙනකු වෛද්‍යවරයාට පහර දී ඇති බවත් පොලිසිය සඳහන් කළේය.



අදහස් (5)

වෛද්‍යවරයාට ගැහුවයි බදුල්ල රෝහලේ වැඩ නවතියි

Shelly Wednesday, 17 December 2025 04:45 PM

මේ සිද්ධිය වුණේ රෝහලේ නෙවෙයි. එහෙනම් මොකටද වැඩ වර්ජන? මේ ගොල්ලන් චැනලින් කරන්න ඇති නේද?

:       1       5

සෙනෙවිරත්න Wednesday, 17 December 2025 04:48 PM

පාරෙදි ගැහුවත් වර්ජනය කරනවාද?

:       1       4

Achi Wednesday, 17 December 2025 05:08 PM

ඔය එළියේ ප්‍රශ්නයට පොලිස් එකට කම්ප්ලේන් කරන්නේ නැතිව වර්ජනය කරලා හරියනවද?

:       1       5

අරවින්ද මොණරවිල Wednesday, 17 December 2025 05:26 PM

මොවුන් නම් මනුස්සයෝ වෙන්න බැහැ... වර්ජනය කරන එවුන්ගේ කොදු කඩන්න ඕනෑ.

:       1       1

Nipuna Wednesday, 17 December 2025 05:50 PM

වර්ජනය කිරීම වැරදියි තමයි. ඒත් මෙතැන පෙන්නන්නේ ලංකාවට සාපයක් වූ ත්‍රීවිලර් උප සංස්කෘතියෙ තවත් කෙරුවාවක්. ඒ අයට වැරැද්දක් පෙන්නන්න ගියාම ගහන්න එනවා. මේ වාහනය ලංකාවට ගෙන්නන එක දැන් නවත්වන්න හෝ අධෛර්යමත් කරන්න ඕනෑ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 866 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site