IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


වෛද්‍ය සමන් රංජිත් වීරසිංහට රුසියාවෙන් ඉහළම සම්මානයක්

රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා හිටපු  තානාපති වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ මහතාට රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා විසින් "මිත්‍රත්වය සදහා වූ රුසියානු රාජ්‍ය සම්මානයෙන්" පිදුම් ලැබුවේය.

එය රුසියාව සිවිල් පුරවැසියකුට පිරිනමන ඉහළම ගෞරව නාමයක් වන අතර, දශක ගණනක් පුරා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික, සංස්කෘතික සහ ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කිරීමට ඉටු කළ සේවය අගයමින් මෙම ගෞරව නාමය පිරිනමා තිබේ.

ශ්‍රී ලංකාවේ ගෝලීය රාජ්‍ය තාන්ත්‍රික පැවැත්ම සඳහා වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් 2025 දී මෙම සම්මානය ලැබූ එකම ආසියානු ජාතිකයා වෛද්‍ය සමන් වීරසිංහ මහතාය.

මොස්කව් වෛද්‍ය විද්‍යාලයේ ගෞරව උපාධිධාරියකු වන වෛද්‍ය වීරසිංහ මහතා රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා හිටපු තානාපති ලෙස (2015 - 2018) සේවය කළ අතර දැනට ශ්‍රී ලංකා-රුසියානු මිත්‍රත්ව සංගමයේ මහලේකම් සහ කොළඹ රුසියානු භූගෝලීය සංගමයේ සභාපති යන තනතුරු දරයි.

ඔහුගේ නායකත්වය, දෙරට අතර සංස්කෘතික හුවමාරුව, සහයෝගීතාවය සහ කල් පවත්නා අන්‍යෝන්‍ය මිත්‍රත්වය වර්ධනය කිරීම සදහා මහෝපකාරී වී ඇත.

 



අදහස් (0)

වෛද්‍ය සමන් රංජිත් වීරසිංහට රුසියාවෙන් ඉහළම සම්මානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 65 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2015 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1560 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site