(කුෂාන් ජයවර්ධන)
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත් බව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
මෙම පාන්පිට මිනිස් පරිභෝජනයට නුදුසුදු බවත් ඒවා වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානමින් තිබු බවට තොරතුරු ලැබුණු බවද එම කාර්යාලය කියයි.
ඉතා විශාල ගබඩවක එම පාන්පිටි තොගය ගබඩා කර තිබූ අතර එහි කිලෝ 25 සහ 50 තරමේ පාන් පිටි ගෝනි 10,000කට අධික ප්‍රමාණයක් තිබූ බව ද වැටලීම සිදු කළ නිලධාරීහු පැවැසූහ.
කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් සිදු කළ ක්ෂණික වැටලීමකදී මෙම පාන් පිටි තොගය සොයා ගැනීමට හැකිව තිබිණ.
අපනයනය සදහා ගම්මිරිස් වියළා සකසනු ලබන මහපරිමාන මෝලක එම පාන් පිටි තොගය ගබඩා කර තිබි ඇත.
එම පාන් පිටි තොගය කල් ඉකුත් වීමට ආසන්න වන අතර විදේශ රට නිෂ්පාදිත ඒවා බවට ද එම ඇසුරුම්වල සදහන් වෙයි.
ගුල්ලන් සහිත එම පාන් පිටි තොගයට මෙම ස්ථානයේදී වස යොදා ගුල්ලන් මර්ධනය කර යළි සකසා විදේශ රටක නිෂ්පාදිත බවට හා කල් ඉකුත්වීමේ දින වෙනස් කර අළුතින් මුද්‍රණය කර නව ඇසුරුම්වල නැවත අසුරා විදේශයකින් ආනයනය කළ පාන් පිටි සේ යළි බෙදා හැරීම සිදු කෙරෙන බවට සෞඛ්‍ය බලධාරීන් සිදුකළ විමර්ශණවලදී අනාරවරණය කරගෙන තිබේ.
ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් පළාතේ මිස් යුනිවර්ස් බියුටි පැජන්ට් තරඟාවලිය මෙම වසරේදී ජයග්‍රහණය කිරීමට හැට හැවිරිදි මරීසා රොඩ්‍රිගස්ට පසුගිය දා හැකි
නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව ඇත.
ස්වීඩනයේ සංචාරයක නිරත වී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ටොක්හෝම්හිදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ උණුසුම් අයුරින් පිළිගත්හ.
රුපියල් කෝටි දාසයක් වටිනා හෙරොයින් කිලෝ හතක් සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.
ශ්‍රී ලංකාවෙි සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයත් පරිත්‍යාග කිරීමට ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආස
’’රනිල්ට ඉඩ දෙමු,රට වටා යතුරු පැදි රැළිය’’ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද(27) පෙරවරුවේ ඇරැඹිණි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
විස පාන්පිටි ගනේවල්පොළින් අල්ලයි
ravin Friday, 29 March 2024 09:37 PM
කළ යුත්තේ ඔය පිටිවලින් ආහාර නිෂ්පාදනය කර තොග අයිතිකරුවන්ටම අනුභව කරවීමට සැලැස්වීමයි. මරණයේ බිය දැණුනාමවත් ජඩවැඩ නතර කරාවි...
Lankabarana Saturday, 30 March 2024 04:35 AM
මේක සකල සෞභාග්‍යය පිරුණු ශ්‍රීලංකාව බව රවීන් දන්නේ නැද්ද? ඒ නිසා එහෙම දඬුවම් කරන්න බැහැ.. ලෝකයේ පමණක් නොවෙයි.., එක් රටක වුණත් මිනිසුන්ට පමණක් නොවෙයි.. සතුන්ට පවා අවුරුදු ආහාර වැවෙන්නේ දේශගුණය අනුව තමයි. ඉතින් ලංකාවේ ඔය තිරිඟු නිෂ්පාදන වෙන්නේ නැහැ... ඒවා පරිභෝජනය ලංකාවේ ජනතාවට විවිධාකාරයෙන් රෝග ඇතිවීමට හේතුවක් වෙනවා. රට තුළදී වුණත් එක් එක් දේශගුණික කලාපවල පළතුරු වුණත් වැවෙන ආකාරය බලන්න. ඉතින් කියන්න තියෙන්නේ ලංකාවේ බොහෝ දෙනෙකුට පවතින රෝග සඳහා ඔය තිරිඟු පිටි ආශ්‍රිත ආහාර හේතුවක් වෙනවා... එහෙම තියෙද්දී ඔය කියන ආකාරයේ පිටිවලින් මොනවා වෙන්න පුළුවන්ද?
Alfread Saturday, 30 March 2024 12:01 AM
ඔය ඉතින් අහවල් ආගමේ කට්ටියගේ වැඩක් තමයි. පාස්කු ගම්මිරිස් නානාගේම නෑයෝ වෙන්න ඇති. ඕවා කරන්න හොඳයි, කියන්න හොඳ නෑ. කිව්වාම අපි ජාතිවාදීන් වෙනවා. ඥාණසාර හාමුදුරුවන්ටත් ඕවා කතාකරලා තමයි දැන් හිරේ ඉන්නේ... වඳ කොත්තු කෝ කිය කියා හිනා වුණු අයට දැන් මොකද කියන්න තියෙන්නේ...?
Bunny Preena Saturday, 30 March 2024 09:09 AM
එම ආයතනය නිෂ්පාදනය කරන හෝ බෙදාහරින ආහාර ද්‍රව්‍ය සහ අනෙකුත් දේවල් වර්ජනය කළ යුතුයි. දැනට පුළුවන් හොඳම දඬුවම ඒකයි.
kahawita Saturday, 30 March 2024 09:36 AM
තව ටික දවසකින් කියයිද දන්නේ නෑ... ඒක වැරිදීමක්... කණගාටුව ප්‍රකාශ කරනවා කියලා...