(සුජිත් හේවාජුලිගේ )
නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව ඇත.
විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2400ක් සිටිය යුතු තැන දැනට සිටින්නේ 1400ක් බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
භාෂා පරිවර්තකයන්ගේ හිඟය හේතුවෙන් විගණන වාර්තා නිකුත් කිරීමද පමාවී ඇතැයි එහි නිලධාරීහු පෙන්වා දෙති.
නිලධාරී හිඟය හේතුවෙන් විෂය පථයන් සීමා කර වැඩ කිරීමට සිදුව ඇතැයිද එම නිලධාරීහු සඳහන් කරති.
මේ සම්බන්ධයෙන් අප රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ විගණන නිලධාරීන්ගේ හිඟය හේතුවෙන් විගණන කටයුතුවලට බාධා මතුව ඇති බවයි.
විගණන අධිකාරීවරුන් 165 දෙනකු සහ විගණන නිලධාරින් 465 දෙනකු බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බව පැවසූ වික්‍රමරත්න මහතා විගණන නිලධාරී පුරප්පාඩු සඳහා අයදුම්පත් හයසීයක් පමණ ලැබී ඇතැයිද ප්‍රකාශ කළේය.
කටුනායක ගුවන් තොටුපොළෙන් කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත’’ ( Green Channel ) ඔස්සේ පිටකරගෙන යමින් තිබූ විදේශීය නිෂ්පාදිත සැරබීම බෝතල සහ දුම්වැටි තො
ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් පුරප්පාඩු වූ සමග ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත් කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන අහුන්ගල්ලේ පදිංචිකරුවෙකු වූ ආබ්‍රෙව් හෙවත් බබා ගේ පියා වන 54 හැවිරිදි කලු
මිට වසර හතරකට පමණ ඉහතදි පහරදි ඝාතනය කොට වැසිකිළි වලකට දැමූ හිනිදුම,කපල්ල බටහිර ප්‍ර දේශයේ දෙදරු මවකගේ ඝාතනයේ සුලමුල අනාවරණය කරගැනිමට හැකිවු බව ගාල්ල
වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත
දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නිලධාරි හිඟයෙන් විගණනය කොටඋඩ
Rata Perata Saturday, 27 April 2024 03:52 PM
ඡන්ද වලට වගේම ඔය වැඩේටත් සල්ලි නැති වෙයි.
kotiya Saturday, 27 April 2024 04:59 PM
පුරප්පාඩු 630ට අයදුම් පත්‍ර ලැබිලා තියෙන්නේ 600යි. ඔක්කෝම බඳවා ගත්තත් පුරප්පාඩු 30ක් ඉතුරුයි. අපි යවපු අයදුම්පත්‍ර ලැබුණා කියලාවත් දැනුම්දීමක් නෑ...
ravin Saturday, 27 April 2024 04:59 PM
හරියට විගණනය කළොත් හොරකම් ටික හෙළිවෙනවා. එතකොට බඩගෙඩි ටිකට මොකද වෙන්නේ? රට පාලුවන්ගේ පැවැත්ම උදෙසා විගණන නිලධාරීන් බඳවා ගැනීම නොකෙරේ...!
රනේ Saturday, 27 April 2024 06:07 PM
මොනවද අනේ කොටඋඩ නැත්තේ...?
Ruwan Sunday, 28 April 2024 07:54 PM
විගණන නිලධාරීන්ව එම දෙපාර්තමේන්තුව තුළ තියාගන්නට කටයුතු කළේ නෑ. බහුතරයක් රට අතෑරලා ගියා. ලොක්කෝ කැමැති නෑ... පොඩි අයට දෙයක් දෙන්න... ඒ නිසා කලකිරීලා දෙපාර්තමේන්තුව හැරගිය නිලධාරීන් බොහෝමයි. කවදාවත් වැඩකරන අයට තැන් දුන්නේ නෑ. වැඩ නොකරන ශරීර හොරුන් තමා කොතැනත් රජ කළේ. විගණන යටත් වුනේ එක...