IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


විෂ මත මඩින්න හෙට ’’රටම එකට’’ එක්වෙයි

(අංජුල මහික වීරරත්න)

විෂ මත් ව්‍යසන පරදන "රටම එකට" ජාතික මෙහෙයුම වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී හෙට (30) උදේ 10ට ඇරැඹෙයි.

රටේ විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම මෙම ජාතික මෙහෙයුමේ මූලික අරමුණයි.

මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික මෙහෙයුම් සභාවක් මේ වන විට පිහිටුවා ඇති අතර එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පුළුල් මහජන සහාය ලබා ගැනීමේ යාන්ත්‍රණය ලෙස දිස්ත්‍රික් මෙහෙයුම් සභා, ප්‍රාදේශීය මෙහෙයුම් සභා සහ ග්‍රාමීය මට්ටමෙන් මහජන ආරක්ෂක කමිටු සහිත ව්‍යුහයක් පිහිටුවීම රජයේ අපේක්ෂාවයි.

රටම එකට ජාතික මෙහෙයුම් සභාවේ සංයුතිය ලෙස පාර්ශව 23ක් කටයුතු කරනු ලබයි.

මෙහෙයුම් සභාවේ සභාපති ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කරන අතර එහි ලේකම්වරයා වන්නේ ජනාධිපති ලේකම්වරයායි.



අදහස් (2)

විෂ මත මඩින්න හෙට ’’රටම එකට’’ එක්වෙයි

මාලිමා යාචකයා Wednesday, 29 October 2025 03:56 PM

සේරම ෂෝ තමයි.

:       3       2

රත්නායක Wednesday, 29 October 2025 04:21 PM

පුවක්දණ්ඩාවේ සනාත් ඕකට එකතු වෙනවාද? ආරංචිවල හැටියට එයා නිල නොලත් භාණ්ඩාගාරිකද...?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1638 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 498 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site