(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ බුද්ධික කුමාරසිරි) 

තලංගම පරණ බටපොත පාරේ දෙමහල් නිවසක  හිමිකරු ගෙල  කපා අද  (12) පෙරවරුවේ ඝාතනය කර ඇතැයි තරංගම පොලිසිය කියයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ රජයේ මුද්‍රණාලයේ ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කර විශ්‍රාම ගොස් සිටින වර්තමානයේ ද ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කරන වයස අවුරුදු 72 ක් වන දයානන්ද පින්තූ මොරගොඩ  යන අය බව පොලීසිය කියයි.

දෙමහල් නිවසේ ඉහළ මහලේ පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන සිටින අතර ශබ්ධයක් ඇසී පහත මාලයට පැමිණ බලන විට නිවෙස් හිමිකරු මුලින් අතට ලේ විලක් මැද වැටී සිටින අයුරු දැක ඇතැයි පොලිසිය කියයි.

 ( ඡායා- බුද්ධික කුමාරසිරි)