
(අංජුල මහික වීරරත්න)
විශ්ව විද්‍යාල පනත සංශෝධන කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම සඳහා 2025 -06-16 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති සංශෝධන පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී තිබේ.
1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතට යෝජිත සංශෝධන අනුව, පීඨාධිපති තනතුරකට පත් කිරීම සඳහා වන සුදුසු කම් වලට අදාළ නිර්ණායක පුළුල් කිරීම මඟින් කුසලතා මත පදනම් වූ තේරීම් ක්‍රියාවලියක් නිර්මාණය කිරීමට හැකියාව ලැබෙනු ඇත. මෙම යෝජිත සංශෝධන මඟින් විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රධාන අධ්‍යයන පරිපාලන තනතුරු සඳහා සුදුසුකම් ලත් අපේක්ෂකයන්ගේ සංචිතය පුළුල් කිරීමටත්, එමඟින් ආයතනික පාලනය ශක්තිමත් කිරීමටත් විධි විධාන සලසනු ලබයි. ඒ අනුව, එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
560
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1698
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විශ්ව විද්‍යාල පනත සංශෝධනයට