
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තමන් කරන්න හිටපු දේවල් මේ ආණ්ඩුව විසින් කරලා යැයි විපක්ෂයේ හිත් හොඳටම රිදී ඇති බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
"අපේ පළවෙනි අවුරුද්ද වැඩිපුරම ගත කළේ ආර්ථිකයේ ස්ථාවර බව ආරක්ෂා කර ගැනීම සඳහායි.අපි බලයට එන අවස්ථාවේදී අපේ ආර්ථික ප්‍රතිපත්තියේ ඉතා පැහැදිලිව පැවසුවා.ජාජබ ආණ්ඩුව ඉතා කෙටි කලකින් කඩා වැටීමට ලක්වන බව අද විපක්ෂයේ සිටින උදවිය එදා දුර්මතයක් ගෙන ගියා. ඒ නිසා අපට කිසිදු වරදක් නොවී ආර්ථික ස්ථාවර බව අඛණ්ඩව ගෙනයාමේ වගකීම තිබුණා.පළමු වසරේදී අප ඇතිකරගත් මූල්‍යය විනය සම්බන්ධයෙන් ඇත්තෙන්ම අපට ආඩම්බරයි.විපක්ෂයේ කතාවල සාරය ගතහොත් ඔවුන්ට ඇත්තේ වත්මන් රටේ තත්ත්වය ගැන නොසතුටක් නොවේ.බදු ආදායම්, සංචාරක ආදායම් ඉහළ ගිහින් තියෙනවා. සමස්තයක් ලෙස ගත් විට අප කරලා තියෙන දේවල් ගැන කියන්න දෙයක් නැහැ.ඔවුන්ගේ පොදු හිත් රිදීම වන්නේ ඔවුන් කරන්න හිටපු දේවල් මේ රජය කරනවා කියන එකයි.තමන්ට කරගන්න බැරි වෙච්ච දෙයක් තව කවුරු හරි කරද්දි මේ අයට හිත රිදිලා යනුවෙන්ද මන්ත්‍රීවරිය කීවාය.
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1698
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විපක්ෂයේ හිත රිදෙන්න හේතුව ලක්මාලි කියයි
සම්පත් Tuesday, 11 November 2025 03:03 PM
ලක්මාලි, බදු ආදායම් වැඩි උනේ වාහන් ආනයනය නිසයි.විදේසිකයො කොහොමත් ආව ලන්කාවට.ඒව ඔයාලගෙ හපන්කම් නෙවෙයි.අනුන්ගෙ ඩ්ගරුවන්ට උප්පැන්න දෙන්න එපස්.පෝලිම් නැති කලේ රනිල්.ආර්තිකයට පන දුන්නෙ රනිල්.චන්දෙදි රනිල්ට අයිඑම්එෆ් එකට බැන්නට ඔහේල අද කරන්නෙත් ඒවම තමයි. ඔහෙර්ල ඔච්චර කෙරුමො නම් බඩු මිල අඩු කරගන්න බැරි ඇයි.සාමාන්‍ය මිනිස්සුන්ට කෝ සහන්.150 පෙට්‍රෝල්කෝ? අද කාන්චනගෙ සාක්කුවට යන්නෙ නැති නිසා කාගෙ සාක්කුවටද ඒව යන්නෙ?
mangala Tuesday, 11 November 2025 03:11 PM
මේ කතාව සංශෝධනය වෙන්න ඕන. විපක්ෂය කවදාවත් මේ ආණ්ඩුව මේ වගේ ජනතා හිතවාදී දේවල් කරයි සහ කරන්න පරන්න පුලුවන් වෙයි කියලා හිතුවේ නැති වුනාට දැන් වෙන දේවල් එක්ක කටඋත්තර නැතිවෙන්නම යන හින්දා හිත් රිදිලා නෙවෙයි හිත් නන්නත්තාර වෙලා තියෙන්නේ.