IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


විපක්ෂයේ තවත් හතකට බාර් තෑගි

(සුජිත් හේවාජුලිගේ )

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත්  හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර (බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙසේ මත්පැන් අලෙවිසල් බලපත්‍ර ලබාගෙන ඇති මන්ත්‍රීවරුන් පිරිසට කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු දෙදෙනෙක්, ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු දෙදෙනෙක්, කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් සහ  දකුණු පළාතේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ඇතුළත් වෙති.

ආණ්ඩුවට සම්බන්ධවී උදව් කරන බවට පොරොන්දුවීමෙන් පසු ඔවුන්ට මෙම මත්පැන් අලෙවිසල් බලපත්‍ර ලබාදී  ඇති  බව දැනගන්නට ඇත.

විපක්ෂයේ නායකයන්ට මේ පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි  පැවසෙන්නේ  ඒ ඒ දිස්ත්‍රික්කවල  විහාරාධිපති ස්වාමීන්වහන්සේලා මාර්ගයෙනි.

මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක්ද මත්පැන් බලපත්‍ර දැනටමත් ලබාගෙන ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ආණ්ඩුව අලුතින් මත්පැන් බලපත්‍ර දෙසීයක් නිකුත් කර ඇතැයි පාර්ලිමේන්තුවේදී පසුගියදා සංවාදයක් ඇතිවිය.



අදහස් (20)

විපක්ෂයේ තවත් හතකට බාර් තෑගි

Perera Tuesday, 30 April 2024 12:39 AM

මුන්ගේ නම් දාන්න බයද චන්ද ලැබෙන එකක් නැහැ කියලා ?

:       0       57

SAMTuesday, 30 April 2024 06:20 PM

ඉදිරි ජාතක මහමැතිවරණයේදී මත්පැන් අලෙවිසල් බලපත්‍ර (බාර් ලයිසන්) ලබාගෙන තිබෙන්නා වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවකු පාර්ලිමේන්තුවට පත්කර ගැනීම වැළැක්විය යුතුවේ. මත්පැන් අලෙවිසල් බලපත්‍ර (බාර් ලයිසන්) ලබාදීමේදී දේශපාලන හේතුන් හිතවත්කම මත නොව කිසියම් ක්‍රමවේදයක් මත ලබාදීම සිදුකළ යුතුවේ.

:       0       6

බණ්ඩා Tuesday, 30 April 2024 04:25 AM

මෙය බලය අයුතු යොදවා ඇති අවස්ථාවක් වන අතර අදාල පුද්ගලයන් ට නොපමාව ව්‍යවස්ථානුකූල ලෙස දඬුවම් පැමිණවිය යුතුය.

:       0       46

අපකීර්ති වර්ණකුලසූරිය Tuesday, 30 April 2024 07:02 AM

රනිල් රාජපක්ස තුමාගෙ, මේ රට බාර් වලින් ස්වයංපෝෂිත කරන්න හදන වෑයම අපි අගය කර යුතුයි. ඉන්න හිතෙන රටක්!!!

:       2       46

Lalla Tuesday, 30 April 2024 08:02 AM

මත්පැන් බලපත්‍ර ක්‍රමය අහෝසිකර විවෘත වෙලඳපොලට දමන්න...බාර් ලයිසන් කියන්නේ දේශපාලන ප්‍රජාවක් පමණයි...

:       0       38

අරවින්ද මොනරවිල Tuesday, 30 April 2024 09:52 AM

ස.ජ.බ. කියන්නෙම අවස්ථාවාදී රංචුවක්, රනිල්ට දිනන්න බැහැ කියලා හිතුන නිසාත්, සජිත්ට තාත්තගේ නම විකුණාලා චන්දය ගන්න පුළුවන් කියලා හිතුන නිසාත් සජිත් වටේ එකතු උනා මිසක සජිත්ට දර්ශනයක් වැඩ පිලිවෙලක් තියෙනවද, සජිත්ට රට හදන්න පුළුවන්ද බැරිද කියලා අවබෝධයක් හො සජිත් සමග රට හදන්න උවමනාවක් ඇතුව එකතු උන පිරිසක් නොවෙයි ස.ජ.බේ. හිටියේ. එහෙව් අය බාර් එකකට නොවෙයි ඊළග පාර එ.ජා.ප.යෙන් නාමයෝජනා අරගෙන ඊළග මැතිවරණයේදී තමන්ට දිනන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා නම් බාර් දුන්නත් නැතත් අනිවාර්යයෙන්ම රනිල් ලගට රිංගනවා. බාර් කියන්නේ රනිල්ගෙන් ලැබෙන බෝනස් එකක් විතරයි.

:       0       46

Bunny Preena Tuesday, 30 April 2024 09:58 AM

සුමිහිරි පානේ පදමට ගහලා .කාට කෙල උනත් මට කම් නැහැ .මගේ සාක්කුව පිරිලා

:       0       27

Perera Tuesday, 30 April 2024 10:52 AM

අනේ ඉතින් ඡන්දේ වැඩවලට මහන්සි වෙනකොට පිපාසය දුරු කරගන්නත් ඕනෑ

:       0       16

ravin Tuesday, 30 April 2024 11:06 AM

රොත්ත බුරුත්ත පිටින්ම රට සංවර්ධනය කරයි වගේ .ප්‍රසිද්ධ පුවත්පත් වාර්තා අනුව බාර් බලපත්‍ර 200 යි වාහන බලපත්‍ර 150 ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකට කෝටි 100 යි නොගෙවූ විදේශීය ණය ?ප්‍රමාද ගාස්තු පොලිය ?ඉදිරියට ගෙවීමට ඇති ණය වාරිකය ?

:       0       35

ranjith Tuesday, 30 April 2024 11:27 AM

දුප්පත් මිනිස්සු සූරා කන බාර් පර්මිට් තියන එකෙකුටවත් චන්දෙ නොදෙමු

:       0       31

Basil Tuesday, 30 April 2024 11:28 AM

හරි අපි හිතමුකෝ සමගි ජන බලවෙිගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඔක්කෝටම බාර් ලයිසන් දීලා එක්සත් ජාතික පක්ෂයට එකතු වුණා කියලා .ඒකෙන් කියන්නේ ඔයගොල්ලෝ දිනනවා කියලාද. අපිනේ ඡන්දය දෙන්නේ .අපියි තීරණය කරන්නේ අපිටයි ඒ අයිතිය තියෙන්නේ .අපි ඔය සෑම දෙනා ගැනම හොදට දන්නවා .අපි දැන් හොදට තෙම්පරාදු වෙලා ඉන්නේ .ඔය ආණ්ඩුවේ ඉන්න අනිත් අයත් රත්තරං දුන්නත් ඒ රත්තරං අරගෙන මොනවද කරන්න ඕනේ කියලා අපි දන්නවා.

:       0       44

පුරවැසියා Tuesday, 30 April 2024 11:34 AM

උන්ට බාර් ලයිසන් ජනතාව ට ගුල්ලෝ ගහපු හාල්

:       0       35

Nimal Tuesday, 30 April 2024 12:34 PM

ඔන්න රනිල් කියන ආර්ථික ඔස්තාර්ගේ රට හදන දැක්ම... මට නම් හිතෙන්නේ 2048 වෙන්න කලින්ම ලංකාව දියුණු රටක් වෙයි කියලා

:       0       30

Asela Tuesday, 30 April 2024 02:53 PM

තව ටික දවසයි. බලමු කට්ටිය ඊට පස්සේ මොකද කරන්නේ කියලා?

:       0       3

ගමේ එකාලා Tuesday, 30 April 2024 03:07 PM

බලලෝබි දුශිත දේසපාලුවන්ට තියෙන තණ්හාවක තරම පේනවනේ ,ලැජ්ජයි හිරිකිතයි නින්දිතයි .

:       0       5

ranjith Tuesday, 30 April 2024 03:59 PM

බාර් ලයිසන් ගත්තා කියලා ජනතාව ඒ මනුස්සයා යන පැත්තට ඡන්දෙ දෙයි කියලා තවමත් හිතාගෙන ඉන්න ගොන්වහන්සේලා ඉන්නවද? බැරි ලයිසන් ගත්තු කෙනා නම් ඡන්දෙ දේවි. ඊට වඩා ඡන්දෙ දෙන්න හිටිය අය වැඩි දෙනෙක් නොදී ඉන්නට හේතු වේවි...

:       0       3

රාලහාමි Tuesday, 30 April 2024 04:13 PM

අනාගත මහජන රජයකදී ඔය ලයිසන් අනිවාර්යයෙන්ම අවලංගු කරනවා.

:       0       7

kamal Tuesday, 30 April 2024 07:29 PM

ට්‍රැක් ලන්තේ එවුන්ට මේවා පෙන්නේ නෑ .පෙනුනට තේරුම් ගන්නෙත් නෑ .මේ රටවල් ගොඩ එන්නේ නෑ

:       0       0

අනිල් Tuesday, 30 April 2024 07:30 PM

ට්‍රැක් ලන්තෙට බාර් 100 ක් අලුතෙන් දැම්මත් මදි.ට්‍රක පැනපු උන් පෝලිමේ

:       0       0

Napawala Wednesday, 01 May 2024 06:55 AM

සක්වලටබස් බෙදන්නේ ඕවයින් තමා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හොරෙන් මැණික් ගැරූ චීනා රිමාන්ඩ්
2024 මැයි මස 16 23 0

බලපත්‍රයක් නොමැතිව මැණික් ව්‍යාපාරයක් කර මාස හයකදී රුපියල් තිස් හය කෝටි පනස් ලක්ෂයකට අධික මුදලක් උපයා ගැනීමේ චෝදනාවකට වරදකරු වූ චීන ජාතිකයකු සතු එම ම


අලි වැටක් නිසා ජීවිත රැසක් අනතුරේ
2024 මැයි මස 16 157 0

මහවැලි සී කලාපයට අයත් දමනේවැව, නවගහඇල, මීවත්පුර, පහළ යක්කුරේ, යන ගම්මාන හා කුඹුරු බිම් ආවරණය වන පරිදි මීට වසර තුනකට ඉහතදී වනජීවී දෙපාර්තමේන්තුව මගින් ඉ


ගුවන්තෝටේ සිද්ධියට ඇමැති ප්‍රසන්න මෙසේ කියයි
2024 මැයි මස 16 1753 0

කටුනායක ගුවන්තොටුපළේ ගුවන් මගීන්ගේ ගමන් මලු ප්‍රවාහනය කරන පෝටර් වරයාට තමා කනේ පහරක් ගැසු බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍


සෙබළ ජාවාරමේ මේජර් ජනරාල් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
2024 මැයි මස 16 693 0

විශ්‍රාමික හමුදා සාමාජිකයන් ඇතුළු ශ්‍රී ලංකිකයන් රුසියාවේ හමුදා සේවයට යැවීමේ මිනිස් ජාවාරමට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත


ගමන නිමා කරන්න ග්‍රාම සේවා වර්ජනය හරහට
2024 මැයි මස 16 399 0

පානදුර අසරණ දුප්පත් නිවසක මියගිය පුද්ගලයකු ගේ මෘතදේහයක් මල්ශාලාව විතර රැගෙන යාමට ග්‍රාම නිලධාරී වර්ජනය හේතුවෙන් නොහැකිව නිවැසියෝ දැඩි අපහසුතාවයකට


මහනුවර යටවේ
2024 මැයි මස 16 2074 0

මහනුවර නගරයට අද සවස ඇද හැළුනු මහා වර්ෂාවත් හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථානය සහ මහනුවර නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට වී රථ වාහන ධාවනයට ද බාධා ඇතිවූ බව ආපදා ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 738 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2274 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1950 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site