
(ජේ ඒ එල් ජයසිංහ,චන්දන උඩුවාවල සහ ෂේන් සෙනෙවිරත්න)
මහනුවර නගරයට අද සවස ඇද හැළුනු මහා වර්ෂාවත් හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථානය සහ මහනුවර නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට වී රථ වාහන ධාවනයට ද බාධා ඇතිවූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
කාණු කසලවලින් පිරීයාමත් නගරය පුරා අනවසර ඉදිකිරීම් නිසාත් නගරය ජලයෙන් යටවී ඇත.
දුම්රිය ස්ථානය ජලයෙන් යටවූයේ අවිධිමත් ලෙස කාණු සැකසීම හා කාණු වසා දමා තිබීම හේතුවෙන් බව ජනතාව පවසති.
මහනුවර නගරයට පස්වරු 2.00 පසු මිලිමීටර් 100 කට අධික වර්ෂාපතනයක් එකවර ඇදහැලුන අතර එම වර්ෂාවත් සමඟ බෝගම්බර ඉහළ කඳු මුදුනින් ගලා ආ විශාල ජල පහරකින් දුම්රිය ස්ථානයේ ඉදිරිපස සම්පූර්ණයෙන් යට වී ගිය අතර දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ගද සැලකිය යුතු මට්ටමකින් ජලයෙන් යට විය .


COMMENTS
පරණ නුවර බොගම්බර වවනේ! සූද්දො තමයි වහල දම්මේ
"කාණු කසලවලින් පිරීයාමත් නගරය පුරා අනවසර ඉදිකිරීම් නිසාත් නගරය ජලයෙන් යටවී ඇත" මේවා කරනවා නම්, වෙනකල් නගරසභාවේ පාලකයෝ මොනවාද කළේ?
ඉස්සර නුවර ටවුම ස්ටේෂන් එක මොන වැස්සක් ආවත් යට වුණේ නෑ...දේශපාලුවෝ බෝගම්බර ,හන්තාන,පැතිවල අනවසරයෙන් ගෙවල් හදන්න දීලා මුඩුක්කු ගොඩක් වගේ නුවර දැන්..හෝටල් ගහනවා ලොකු ලොකු ක්‍රීඩකයෝ දේශපාලූවෝ සම්බන්ධ... වැව රවුම, වේස් පාක් පැතිවල තනිකරම ගහලා තියෙන්නේ ලොකු ලොක්කො සම්බන්ධ ගොඩනැගිලි...වතුර බහින්න දැන් තැනක් නෑ..
මාස කිහිපයක ඇතුලත සිදුවූ දෙවතාවක්ම ඔය නගරය යටවුනා. ලස්සන මහනුවර අපිම අවලස්සන කොට ඇත ! දැන් ඉතින් ඔය ප්‍රශ්නය විසඳීමට මුදල් හොයන එකයි තියෙන්නේ.
දැන් මහනුවර ටවුන් එක යට වෙන එක පුරුද්දකට ගිහිල්ලා වගේ...
හුස්ම ගන්න අමතක වෙයි.. ලලයි, ලිළයි ලයි... උදාරයි..
සෙංකඩගල නුවරට වහින වැස්ස හවස....
දූෂිත දේශපාලුවෝ සහ මහ නුවර නගර සභාවේ දුෂිත නිලධාරින් අල්ලස් ගෙන අනවසර ඉදිකිරිම් කිරිමට ඉඩ දීම තුළින් මෙම විපත සිදුවී ඇත.