IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


වාහන ආනයනකරුවන්ගේ පෙත්සමට දින දෙයි

(මනෝප්‍රීය ගුණසේකර)

මෙරටදී ණයවර ලිපි විවෘත කර වෙනත් රටකින් වාහන ආනයනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින වාහන මුදා හරින නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වාහන ආනයනකරුවන් ගොනුකර ඇති රිට් පෙත්සම් සමථයට පත් කිරීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා පෙත්සම් ලබන 14 වැනිදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (10) නියම කළේය.

තම වාහන ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගැනීමට එරෙහිව වාහන ආනයනකරුවන් විසින් ගොනුකර තිබූ පෙත්සම් 15ක් කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සළකා බලන ලදී.

පෙත්සම් කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සුමති ධර්මවර්ධන මහතා කරුණු දක්වමින් රේගුව විසින් රඳවාගෙන සිටින මෙම වාහන කොන්දේසි කිහිපයකට යටත්ව මුදා හැරීමට ඇති හැකියාව පිළිබඳව මුදල් අමාත්‍යංශය දැනුම් දීමත් කර ඇතැයි පැවසීය.

ඒ අනුව අදාල වාහන සමාගම් ඇපකරයක් හෝ බැංකු ඇපකරයක් තැබීමෙන් පසු ශ්‍රී ලංකා රේගුව වෙත ගෙවිය යුතු බදු මුදල් ගෙවීමෙන් පසු අදාළ වාහන මුදා හැරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකියැයි ජනාධිපති නීතීඥ සුමති ධර්මවර්ධන මහතා සඳහන් කළේය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන ඉක්‍රම් මොහොමඩ්, ෆයිසර් මුස්තාපා යන මහත්වරු ඇතු`ථ නීතිඥවරු දැනුම් දුන්නේ මෙම කොන්දේසි මත අදාල පෙත්සම් සමථයට පත් කර ගැනීමට ඇති හැකියාව දැනුම් දීම සඳහා දිනයක් දෙන්නැයි ඉල්ලා සිටියහි.

කරුණු සළකා බැලීමෙන් අනතුරුව පෙත්සම් සමතයට පත්කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීම සදහා පෙත්සම් ලබන 14 වැනිදා කැඳවීමට  නියෝග කළේය.



අදහස් (0)

වාහන ආනයනකරුවන්ගේ පෙත්සමට දින දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 640 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 531 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 437 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site