IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


වසරේ හොඳම ප්‍රධාන මෙහෙයුම් නිලධාරි සම්මානය විජය පුවත්පතේ ජනකට

(විමුක්ති එස් රුද්‍රිගු)

වසරේ හොඳම ප්‍රධාන මෙහෙයුම් නිලධාරියාට හිමි සම්මානය සීමාසහිත විජය පුවත්පත් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජනක රත්නකුමාර මහතා හිමිකර ගත්තේය.

ඉන්දියාවේ මුම්බායි නුවර ටාජ් ලෑන්ඩ්ස් එන්ඩ් හෝටලයේ  පැවැති 23 වැනි ව්‍යාපාර නායකයන්ගේ සම්මාන උළෙලේදී ඔහුට එම සම්මානය හිමි විය.

ලබා ගත් සම්මානය සම්බන්ධයෙන් අදහස් දැක් වූ ජනක රත්නකුමාර මහතා  23 වැනි, වසරේ හොඳම ව්‍යාපාර නායකයන්ගේ සම්මාන උළෙලේදී වසරේ හොඳම ප්‍රධාන විධායක නිලධාරී සම්මානය තමාට ලැබීම සැබවින්ම ගෞරවයක් බව ප්‍රකාශ කළේය.

මෙම ජයග්‍රහණය තමාට විතරක් අයිති එකක් නොවනයි.  තමාගේ මේ ජයග්‍රහණය දෙදෙනකුගෙන් ඇදහිය නොහැකි සහයෝගයේ සහ විශ්වාසයේ ප්‍රතිඵලයක් බව කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය. වසර 20 කට පෙර තමාගේ ශක්තීන් සහ නායකත්ව හැකියාවන් හඳුනා ගත් විජය පුවත්පත් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂවරයාට ප්‍රථමයෙන් කෘතඥතාව පිරිනමනවා. වෘත්තීය ජීවිතය හැඩගස්වා, තමාට මේ මට්ටමට ළඟා වීමට අවස්ථාවද ලබා දුන්නේ කළමණාකාර අධ්‍යක්ෂවරයා බව ඔහු කියා සිටියේය.

 

 

 



අදහස් (1)

වසරේ හොඳම ප්‍රධාන මෙහෙයුම් නිලධාරි සම්මානය විජය පුවත්පතේ ජනකට

saman Wednesday, 19 February 2025 11:31 PM

අවංකත්වය, නිර්මනශිල්ත්වය සහ කැපවීම තුලින් ජයග්‍රහනයට මාවත විවර වේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 832 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2474 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1779 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site