
වසර 40 කට පමණ පසු චීනය පෙර දැනුම් දීමකින් තොරව, හිටි හැටියේ දිගු දුර අන්තර් මහද්වීපික බැලැස්ටික මිසයිලයක් අත්හදා බැලුවේය.
අනතර් මහද්වීපික බැලැස්ටික මිසයිල යනු එක් මහද්වීපයක සිට තවත් මහද්වීපයකට කිලෝ මීටර් දහස් ගණනක් දුරට විදිය හැකි මිසයිල වර්ගයකි. චීනය අත්හදා බැලූ මිසයිලය, න්‍යෂ්ටික යුද ශීර්ෂයක් රැගෙන, කිලෝ මීටර් 5,500 කට වඩා වැඩි දුරකට විදිය හැකි එකකි.
ඒ අනුව, චීනයට මෙවැනි මිසයිලයක් යොදා ගනිමින්, ඇමෙරිකාවටත් හවායි දූපත්වලටත් පහසුවෙන් පහර දීමක් කළ හැකිය. මෙම මිසයිල අත්හදා බැලීම සාමාන්‍ය සිදුවීමක් පමණක් බවත්, කිසිම රටකට තර්ජනයක් වීමේ අරමුණින් හෝ කිසිම කෙනකු ඉලක්ක කර ගනීමේ අරමුණින් කළ අත්හදා බැලීමක් නොවන බවත් චීන රජය අවධාරණය කර ඇත.
චීනයේ මිසයිල අත්හදා බැලීම අසල්වැසි ඉන්දු පැසිෆික් කලාපීය රටවල දැඩි කනස්සල්ලට හේතුවක් විය. මිසයිල අත්හදා බැලීම සිදු කෙරුණේ ඕස්ටේ්‍රලියාව සහ නවසීලන්තය දෙසට විහිදෙන ජාත්‍යන්තර මුහුදේදීය. ඕස්ටේ්‍රලියාව සහ නවසීලන්තය චෝදනා නගා ඇත්තේ චීනය ඔවුන්ගේ එම මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් පෙර අනතුරු ඇඟවීම් නොකළ බවය.
මෙම නව මිසයිලයට න්‍යෂ්ටික යුද ශීර්ෂ සවි කළ හැකි වුවත්, අත්හදා බැලීමේ දී කිසිදු යුද ශීර්ෂයක් සවි කර නොතිබුණි. මිසයිලය චීනයේ නිෂ්පාදනයක් බවත්, නව තාක්ෂණය ඊට යොදා ගෙන ඇති බවත් චීන හමුදාව පවසයි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
181
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වසර 40 කට පසු චීනය මිසයිලයක් අත්හදා බලයි