IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වසන්ත ඇතුළු 7කට ඇප

(මනෝප්‍රිය ගුණසේකරු)

බන්ධනාගාරයේ රඳවා සිටින සරසවි සිසුන් නිදහස් කරන්නැයි ඉල්ලා කළ විරෝධතාවයක් අතරතුරදී පොලිස් රාජකාරියට බාධා කරන ලදැයි කියමින් කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 07 දෙනකු ඇප මත මුදාහැරීමට මහර මහෙස්ත්‍රාත් සමන් පරණලියනගම මහතා අද (19) නියම කළේය.

සැකකරුවන් පොදු දේපළ පනත යටතේ වැරදි කොටට ඇතැයි කියමින් ඔවුන් රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කළ මහෙස්ත්‍රාත්වරයා රුපියල් ලක්‍ෂය බැගින් වටිනා ශරීර ඇප මත සැකකරුවන් සියළු දෙනා මුදාහැරීමට නියම කළේය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වාර්තා කරමින් රිමාන්ඩ් බරයට පත් කොට සිටින කැලණි සරසවියේ ශිෂ්ය ක්රියාකාරින් නිදහස් කරන්නැයි ඉල්ලා අන්තර් විශ්වවිද්යාලයීය ශිෂ්ය බලමණ්ඩලය කැලණිය විශ්වවිද්යාලය ඉදිරිපිට ඊයේ (18) රාත්‍රීයේ විරෝධතාවයක් සංවිධානය කර තිබු බවත් පසුව ඔවුන් පන්දම් රැගෙන කොළඹ - නුවර මාර්ගය අවහිර කිරීමට කටයුතු කළ බවත් දැනුම් දුන්නේය.

ප්‍රධාන මාර්ගය අවහිර කරන ලෙස ඔවුන්ට දැනුම් දුන්නත් ඔවුන් එම උපදෙස් පිළිනොගත් බවත් ඉන් මාර්ගයේ දැඩඩි රථවාහන තදබදයක් ඇතිවු බවත් මේ හේතූවෙන් පිරිස විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කිරීමේදී සැකකරුවන් පොලිස් නිලධාරීන්ගේරාජකාරියට බාධා වන අන්දමේ කටයුතු කළ බවත් නිලධාරීන්ගේ මුහුණු ආවරණ වලට සහ බැටන් පොලු වලට පහරදී ඒවාට අලාභ කළ බවත් දැනුම් දුන්නේය.

සැකකරුවන්ගේ පොදු දේපළ පනත යටතේ දඬුවම් ලබිය හැකි වරදවල් කොට ඇති හෙයින් සැකකරුවන් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන්නැයි පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කණ්ඩායමක් අධිකරණයේ කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ලබාදී ඇති නිදසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය භූක්ති විඳි බවත් ඒ හැර පොලිසියය සඳහන් කරන ආකකාරයේ වැරදි කොටට නැති බවත් පැවසුහ.

අධිකරණයට ඉදිරිපත් කොට ඇති සිය`ථ දෙනා සරසවි සිසුන් බවත් ඔවුන්ට ඇප නියම කරන ලෙසත් නීතීඥවරු් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

දෙපාර්ශවයේ කරුණු සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් සිය`ථ දෙනා ඇප මත මුදාහැරීමට නියම කළේය.

සැකකරුවන් වෙනුවෙන් නීතීඥ නුවන් බෝපගේ, දේශාල් පෝල්” විරේන්ද්‍රා කනන්කේ, චමිලා සිරිවර්ධන, සුවස්තිකා අරුලිංගම්, රිවිහාර පින්නදුව යන මහත්ම මහත්මීන් ඇතුළු නීතීඥවරු කණ්ඩායමක් පෙනී සිටියහ.



අදහස් (1)

වසන්ත ඇතුළු 7කට ඇප

Ruhunu Friday, 19 May 2023 10:03 PM

රස්සාවක්වත් නොකර අනුන්ගෙන් කාලා ජීවත්වෙන මනුස්සයෙක් නේද මේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 524 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site