IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


වාලච්චේන කඩදාසි කම්හලේ පළමු ඇණවුම රජයේ මුද්‍රණාලයට

 

වසර ගණනාවක් වසා දමා අකර්මණ්‍යව, අබලි යකඩවලට විකුණා දැමීමට නියමිතව තිබූ වාලච්චේන කඩදාසි කම්හල නැවත ආරම්භ කිරීමෙන් පසු එහි නිෂ්පාදිත පළමු කඩදාසි තොගය රජයේ මුද්‍රණාලය වෙත පළමු ඇණවුම ලෙසින් බාරදීම අද(27) ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිදුකෙරිණි.

ටොන් 20කින් සමන්විත පළමු නිල කඩදාසි ඇණවුම රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානි ලියනගේ මහත්මිය විසින් ජාතික කඩදාසි සමාගමේ සභාපති විමල් රූපසිංහ මහතා වෙත භාර දෙනු ලැබුවාය.

මෙම කටයුත්ත නාරාහේන්පිට පිහිටි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

දශක ගණනාවක් තිස්සේ වසා දමා තිබූ ජාතික කඩදාසි සමාගමට අයත් වාලච්චේන කඩදාසි කම්හල යළි විවෘත කර එමඟින් ශ්‍රීපත් යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි́ පළමු තොගය වෙළඳපොළට නිකුත් කිරීම එවකට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් හා පූර්ණ අධීක්ෂණය  යටතේ සිදු කෙරුණේ 2020 අගෝස්තු 02 වැනිදා ය.

ඒ අනුව 2020 අගෝස්තු 02 වැනිදා සිට පෞද්ගලික අංශයෙන් ලැබෙන ඇණවුම් සඳහා සැපයුම් සිදු කළ වාලච්චේන කඩදාසි කම්හල මඟින් රජයේ මුද්‍රණ කටයුතු සඳහා නිසි ප්‍රමිතියෙන් යුතු කඩදාසි නිෂ්පාදනයට අවශ්‍ය පියවර ගන්නා ලෙස වත්මන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා උපදෙස් ලබා දී තිබිණි.

ඒ අනුව රජයේ මුද්‍රණාලාධිපතිනිය සමඟ සාකච්ඡා කොට එතුමියගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ රා.සේ.පි ලියුම් හා පාර්සල් කවර නිෂ්පාදනය කෙරෙන ක්‍රාෆ්ට් කඩදාසි,,පොත් පිටකවර නිෂ්පාදනය කෙරෙන වර්ණවත් මැනිලා කඩදාසි හා බි්‍රස්ටල් බෝඞ් නිසි ප්‍රමිතියෙන් නිපදවීමට ජාතික කඩදාසි සමාගමේ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව සමත්ව තිබේ.

ඉහත කී ටොන් 20ක කඩදාසි තොගයේ නිල ඇණවුම භාර දෙන අවස්ථාවෙහි එම තොගය සංකේතාත්මක නිරූපණය කරමින් අදාළ කඩදාසි වර්ග තුනෙහි සාම්පල අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පිළිගන්වනු ලැබුවේය.

මෙම අවස්ථාවට ජාතික කඩදාසි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා ද එක්ව සිටියේය.

 



අදහස් (5)

වාලච්චේන කඩදාසි කම්හලේ පළමු ඇණවුම රජයේ මුද්‍රණාලයට

dayan Tuesday, 27 October 2020 10:40 AM

කවුරු කලත් මේවා අපි අගය කලයුතුයි.

:       2       14

Kamal Koyrala Tuesday, 27 October 2020 10:58 AM

විශිෂ්ට ක්‍රියාවක්. දේශීය කර්මාන්ත ගොඩ නැංවීම. මේ ආකාරයට සියලුම රාජ්‍ය ආයතන සදහා කඩදාසි සැපයීම කර මහා භාණ්ඩාගාරයෙන් එකී රාජ්‍ය ආයතන සදහා වෙන් කරන ලද මුදල් කපා හැරිය යුතුයි.

:       2       14

vipula Tuesday, 27 October 2020 03:47 PM

හොදයි ....!!!

:       3       86

Ranjith Thursday, 29 October 2020 01:31 AM

ඇවිල්ල මාසෙන් කම්හලක් ගොඩ දාල කියලයි පෙන්නන්නේ. අනුන්ගේ වැඩ වලින් ලකුණු දාගෙන. මේවා පිළිගන්න අයත් ඉන්නවා වගේ.

:       12       7

kamal Monday, 02 November 2020 05:20 AM

මොනතරම් විශ්වකර්ම වැඩක්ද? මෙ වගේ කර්මාන්තවලට දක්ෂයෝ චීනෙවත් නැතිව ඇති.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 161 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 650 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1055 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site