(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරිය)
වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැකකරුවෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය
මෙලෙස මියගොස් තිබුණේ බදුල්ල මි ගහ කිවුල ප්‍රදේශයේ පදිංචි සත්සර නිමේෂ් 26 තරුණයායි
ඉකුත් 01 වෙනි දින මෙම තරුණයාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ නාවල ප්‍රදේශයේ නිවසකට අයුතු ලෙස ඇතුළු විම සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංශය හරහා ලද පණිවිඩයක් අනුවය
පොලිසියට රැගෙන ඒමෙන් අනතුරුව එම පුද්ගලයා කළහකාරී ලෙස හැසිරුණු බව පවසමින් පොලිසිය විසින් තරුණයාවට මානසික රෝහල වෙත යොමු කර තිබිණි
එයින් පැය කීපයකට පසු තරුණයා මියගොස් තිබිණි
මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් නිලධාරීන් ක්‍රියා කළ ආකාරය සහ රෝහල් ගත කිරීමෙන් පසු සැකකරු මේ යාමේ සිදුවීම සම්බන්ධව වැඩ බලන පොලිස්පතිතුමාගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එම විමර්ශන පවරා ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයුද පෙන්වන්න ගිහින් බෝම්බ ගහන්න හැදුවා, වෙඩි තියන්න ගියා කියල මිනී මරණ පොලීසිය දැන් කියනවා ඇඟ බිත්තියේ හප්පගෙන මැරුණා කියල, මම ජීවිතේට අහල නැහැ මනුස්සයෙක් ඇඟ බිත්තියේ හප්පන් මැරෙනවා,
හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක් ඉතින්. අනිවාර්යෙන්ම සාධාරණය ඉෂ්ට විය යුතුයි.